තරු හුට පට

ඒවායින් නම් අඩුවක් නෑ……

මුතු තරංගා කියන්නේ ඔයාලා අපි කවුරුත් දන්න ජනප්‍රිය ඒ වගේම දක්ෂ නිළියක්නේ.

මුතු ඒක්දෙයකට විතරක් දක්ෂ එක්කෙනෙක් නොවෙයි කියලා අපි කවුරුත් දන්න කාරණයක්නේ.

ඉතින් මේ දවස්වල මුතු වැඩිය පෙන්නේ නැති නිසා අපි මුතුගෙන් කතා කරලා ඇහුවා මොකද මේ දවස්වල පෙන්නේ නැත්තේ වැඩිය කියලා.

එතකොට මුතු නම් අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මොකද අවුරුදු කාලය නිසා සංගීත සංදර්ශන වලින් නම් අඩුවක් නෑ. මේ දවස්වල සංගීත සංදර්ශන වලට ගිහින් ගෙදර එනකොට ටිකක් රෑ වෙනවා. ඊයෙත් එනකොට පාන්දර වුණා.”

ඉතින් ඔන්න ඒ වගේ කතාවක් තමයි මුතු අපිට කිව්වේ.

කොහොම වුණත් මුතුට තව තවත් වැඩියෙන් සංගීත සංදර්ශන වලට සහභාගී වෙන්න වැඩි වැඩියෙන් ආරාධනා ලැබෙන්න කියලා දෙරණ වෙබ් ගොසිප් තුළින් අපි මුතුට ප්‍රර්ථනා කරනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!