Gossip

“ඒ වගේ ආරාධනාවක්‌ ඇවිත් තිබුණා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ මගේ අප්පච්චි කියලා කාටවත් කියන්නේ නෑ”

එදා වගේම අදත් ජනප්‍රියත්වයේ අඩුවක් නොවුණු ජනප්‍රිය ගායකයෙක් තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ.
ඔහුගේ ආදරණිය දියණිය තමයි ලිහිණි විහංගා හෙට්‌ටිආරච්චි.
ඇයත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ අඩිපාරේ යමින් සංගීත ලෝකයට පා තබා තිබෙනවා.
මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබූ ලිපියක්.

චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චිගේ දුවත් දැන් නිතර රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා?
ඔව්. මමත් අප්පච්චි වගේ Music වැඩ කරන නිසා වැඩසටහන්වලට සහභාගි වෙනවා.

කොහොම හරි අප්පච්චි දුව ව ක්‌ෂේත්‍රයට ගෙනාව?
ඔව්. මගේ අප්පච්චි නිසා තමයි මම මේ ගමන ආවෙ. එයා තමයි හැම දෙයක්‌ ගැනම මට කියල දෙන්නෙ. පළමුවැනි ගීතය වන “ඉරයි හඳයි” අප්පච්චි මගේ උපන්දිනය වෙනුවෙන් මට දුන්න වටිනාම තෑග්ග වුණා.

තමන්ගේම ගීත එකතුවක්‌ කරන්න අදහසක්‌ නැද්ද?
දැනට නම් එහෙම අදහසක්‌ නෑ. ක්‌ෂේත්‍රයට අලුත් නිසා තවම ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නෙ. ගීත එකතුවක්‌ නොවුණත් තරු දිලෙන අම්බරේ, මං ගාව තනිවෙච්චි සහ ඉරයි හඳයි කියන මගේම සිංදු තුනක්‌ ගායනා කළා.

රසික පිරිස හදාගන්න උත්සාහ කරන්නේ අප්පච්චිගේ ගීතවලින්ද?
එහෙම නෑ. නමුත් ප්‍රසංග වේදිකාවලදී වගේම වැඩසටහන්වලදිත් අප්පච්චිගේ ගීත ගායනා කරනවා.

අප්පච්චිගේ ජනප්‍රියත්වය කොහොමද ලිහිණිට බලපාන්නේ?
මම ගොඩක්‌ වෙලාවට කාගේ කවුද කියල කියන්නෙ නෑ. එහෙම වුණාම නිදහස සීමා වෙනවනේ.

අධ්‍යාපන කටයුතු?
ලබන අවුරුද්දේ උසස්‌ අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අප්පච්චිත් එක්‌ක ප්‍රසංගවලට සහභාගි වෙනවද?
අවුරුදු පහකට වරක්‌ අප්පච්චි ප්‍රසංගයක්‌ කරනවා. ගිය වරත් අප්පච්චියි, මමයි ඒ ප්‍රසංගයේ ගීත ගායනා කළා. ලබන අවුරුද්දෙ පැවැත්වෙන ඊළඟ ප්‍රසංගයෙදිත් අපි දෙන්න ගීත ගායනා කරනවා.

අනාගත රැකියාවට සංගීත ක්‌ෂේත්‍රයම තෝරා ගනීවිද?
සංගීතයත් සමඟ සමබරව ව්‍යාපාරික අංශයෙන් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

අප්පච්චිගෙයි දුවගෙයි ප්‍රසංගයක්‌ කළොත්?
දැනට නම් එහෙම ලොකු අදහසක්‌ නෑ. ඉදිරියෙදි බලමු නේද?

අප්පච්චිගේ ගීතවලින් ලිහිණිගේ කැමැත්ත?
මා සිතු දේ පැතු දේ, මට හිතාගන්න බැරි තරමට, මල් මල් මල්, පෙරදින වාගේ හමුවෙලා… තව ගීත ගොඩකට කැමැතියි.
සංගීත හැදැරීම…
දැනට හින්දුස්‌ථානි සංගීතය හදාරනවා.

අප්පච්චිගේ සංගීත උපත සිදු වෙන්නේ ජාතික තරුණ සේවා සභාවෙන්. නමුත් ඔබ එතැනට සම්බන්ධ වෙන්නේ නෑ?
ඉඩක්‌ ලැබුණ මොහොතක අප්පච්චිත් එක්‌ක තරුණ සේවා සභාවට ගිහින් ඉගෙන ගන්නවා. ඒත් මගේ අධ්‍යාපන කටයුතුත් එක්‌ක පූර්ණකාලීනව සම්බන්ධ වෙන්න අවස්‌ථාවක්‌ නෑ.

මෑත කාලයේ තරුණ ගායකයන්ගෙන් යුග ගීයකට ආරාධනා නැතිද?
දැනට නම් එහෙම ආරාධනාවක්‌ නෑ.

එහෙනම් ආදර යෝජනාවක්‌?
අනේ… නෑ… ඒ හැමෝම මගේ සහෝදරයෝ වගේ. අප්පච්චි හැරුණාම කැමැති ගායකයන්?

වික්‌ටර් රත්නායක මහත්මයාට, අමරදේව මාස්‌ටර්ට, එඩ්වඩ් ජයකොඩි මහත්මයාට, තීක්‍ෂණ අයියට, නිරෝෂා විරාජිනී මහත්මියට වගේම තවත් ගොඩක්‌ දෙනකුට කැමැතියි.
රඟපෑමට ආරාධනාවක්‌ ලැබුණොත්…
ඒ වගේ ආරාධනාවක්‌ ඇවිත් තිබුණ. ඒත් ඒකට මම තුන්දෙනකුගෙන් permission ගන්න ඕන නේ. ඒ තමයි මගේ අප්පච්චියි, අම්මයි, අයියයි. එයාලගෙන් එක්‌කෙනෙක්‌ හරි අකමැති වුණොත් මම ඒ දේවල් භාර ගන්නේ නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!