Gossip

“ඒ අම්මා බස් එකේ කොන්දොස්තර එක්ක රුපියලට රණ්ඩු වුණු හේතුව දැනගත්තම මගේ ඇස්වලට කඳුළු ආවා”

බස් රථවල කොන්දොස්තරලා සම්බන්ධව මිනිස්සුන්ට තියේනනේ හොද අකල්පයක්නම් නෙමේ.
මොකද සාමාන්‍ය මිනිස්සු ගැන කොයි වෙලේකවත් හිතන්නේ නැති ගානට තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ.
බස් කොන්දොස්තරලා ගැන මිනිස්සු වැඩිපුරම විවේචනය කරන්නේ ඉතුරු සල්ලි නොදීමත් මගීන්ගේ සල්ලි හරියටම රුපියලක්වත් අඩු නැතිව නොගැනීමත් නිසා.
බස් කොන්දොස්තර කෙනෙක්ගෙන් ඉතුරු රුපියලක් ගන්න බැරිවෙන එක ගොඩක් දෙනෙක්ට සාමාන්‍ය දෙයක්.
හැබැයි මේ විදිහට මගීන් අපහසුතාවෙට පත්කරන කොන්දොස්තරලා අතර මගීන්ට හොදින් සලකන වගේම ඉතුරු මුදල් රුපියලක්වත් අඩු නැතිව සතේට බේරන අයත් ඉන්නවා.
බස් එකට නැග්ග මහළු මවක් දවසක් රුපියලක් ඉල්ලමින් කොන්දොස්තර එක්ක රණ්ඩු කරා.
කොන්දොස්තර රුපියල දෙන්නම් කියලා දෙතුන් පාරක් කිව්වත් ඒ අම්මා නැවත නැවත ඒකම ඉල්ලුවා.
අන්තිමට මේක බස් රථය තුල විහිළුවක් බවට පත් වුණා. හැබැයි මේ අම්මාගේ රුපියල නැවත ඉල්ලීම විහිළුවක් වගේ පෙනුනත් ඒක ඇතුලේ කවුරුත් නොහිතපු සංවේදී කතාවක් තිබුණා.
මේ සමාජජාලවලත් පල වුණු ඒ කතාවයි.
එදා පොඩ්ඩක් වැහි පොදයකුත් තිබුන දවසක්. මම පාන්දර හීතලේම ආවේ ගාල්ල බස් නැවතුමට.
අදුරු පරිසරේ වැස්ස එක්ක ඇගේ හිරිගඩුත් පිපිලා. ත්‍රී වීල් එකක හිටපු අයියා කෙනෙක් සිගරට් එකක් අදිනවා.
මේ හීතල අස්සේ ඒකේ එක විදිහක ආතල් එකක් ඇති කියලා මට හිතුනත් කවදාවත් බුලත්විටක්වත් කාපු නැති මට ඒක හරියටම මොන වගේද කියලනම් තේරුනේ නෑ.
මට ඕනේ වුණේ මාතරට ඉක්මනට යන්න ඕනේ නිසා දුර බස් එකක් ගන්න පාර අයිනටම ආවා.
එතකොටම මම දැක්කා තංගල්ල ත්‍රිකුණාමලය බස් එකක් තියෙනවා. ටිකක් සෙනග හිටියත් ඉක්මනට යන්න පුලුවන් බස් එක නිසා මම දෙපාරක් නොහිතම බස් එකට නැග්ගා.
පැය කාලකින් විතර බස් එක යන්න ගත්තා. බස් එක ටිකක් දුර ගියහම වයසක අම්මා කෙනෙක් බස් එකට හිමීට නගින්න ගත්තා.
අම්මා කෙනෙක් කිව්වට ආච්චි කෙනෙක් වගේ වයස පෙනුම. ඒ අම්මට බස් එකට නගින්න අමාරු නිසා හීමීට නගිද්දිම කොන්දොස්තර සුපුරුදු විදිහට කෑ ගහන්න ගත්තා.
“ඉක්මනට නගිනවා මනුස්සයෝ යන්න පරක්කු වෙනවා.. මම හිටියේ පස්සෙම ෆුට් බෝඩ් එකේ මම අම්මගේ අතින් අල්ලලා උඩට නගින්න උදව් කරා.
මස් නැති ඇටකෝටු වගේ අත තමයි ඒ අම්මගේ අහු වුණේ. කවුරුත් සීට් එකක් දුන්නෙත් නැති නිසා ඒ අම්මා සෙනග අතරට ගියා.
ඒ ගමන්ම කොන්දොස්තර ලගට ඇවිත් ටිකට් කැඩුවා. රුපියල් 10 ක් අම්මා දිග් කරහම කොන්දොස්ර ටිකට් එකක් දීලා රුපියල් 10 ත් අරන් යන්න හදද්දිම අර අම්මා ටිකක් කලබලෙන් වගේ ‘පුතේ මට තව රුපියලක් ඉතුරු එන්න තියෙනවා’ කිව්වා. ‘හරි එහෙනම් නවයක් දෙන්න මම ලග මාරු නෑ’ කොන්දොස්තොර මුනත් ටිකක් ඇද කරන් අම්මට කිව්වා. ‘මම ළඟත් නෑ පුතේ ඒත් මට ඉතුරු රුපියල ඕනේ’.. ඒ ගමන අර අම්මත් ටිකක් තදින්ම කොන්දොස්තරට කිව්වා.
ඊට පස්සේ ඉතුරු රුපියලට කොන්දොස්තරයි අර අම්මයි කියවගන්න ගත්තා. දැන් මුළු බස් එකටම මේක විහිළුවක් වෙලා. ‘මේ වයස මිනිස්සු පුදුම ලෝබකමක්නේ රුපියලටත්’ කියලා මටත් හිතුනේ බස් එක එකම ගාලගොට්ටියක් නිසා. ඒ එක්කම වගේ කොන්ඩේනෝට් එකට කොටට කපපු මම ළඟ හිටපු අයියා කෙනෙක් අර අම්මට රුපියලක් දුන්නා.
ඊට පස්සේ තමයි අර අම්මගේ බැනුම නතර වෙලා මුණට හිනාවක් ආවේ.
ඊට පස්සේ අර රුපියල දීපු අයියා අම්මා එක්ක කතාවට වැටිලා ඇහුවා ඇයි ඔය රුපියලකට ඔහොම රණ්ඩු වුණේ කියලා.
ඊට පස්සේ අර අම්මා කියපු කතාව ඇහුවහම මට විතරක් නෙමේ බස් එකේ හිටපු හිතක් පපුවක් තිබුනු හැමෝටම ඇහැට කදුලක් වැටෙන්න ඇති. ” පුතේ මම ඉන්නේ දුව ගාවා. මට ඉන්නේ දුව විතරයි. ඒත් දුව මාව විතරයි බලාගන්නේ එයාගේ තාත්තා ඒ කිව්වේ මගේ මනුස්සයව එයා බලාගන්නේ නෑ.
මගේ මනුස්සයා ගාවා ගදයි කියලා ගෙදරට ගන්නෙත් නෑ. මගේ මනුස්සයා මේ ලග ගරා වැටුනු පරණ ගෙදරක තනියම ඉන්නේ.
මම කොහොමද මගේ මනුස්සයා අතඇරලා සැනසීමකින් ඉන්නේ. මම අද උදේට කෑවේ නෑ ඒ කෑම එක මනුස්සයට ඔතා ගත්තා.
දුව මට සල්ලි දෙන්නේ නැති නිසා මම අඩලා අඩලා වගේ මුනුපුරාගෙන් රුපියල් 18 ක් ඉල්ලගත්තා. මට ඉතුරු රුපියල හම්බ වුණේ නැතිනම් ආයේ ගෙදර යන්න සල්ලි මදි එකයි රුපයල ඉල්ලුවේ. ”
මේ කතාව ඇහුන මම මටම සාප කරගත්තා මම හිතින් හරි මේ අම්මට බැන්නා නේද කියලා හිතලා.
ඒ කතාව ඇහුවට පස්සේ අර රුපියල දුන්නා අයියා පර්ස් එක ඇදලා පන්දාහේ කොළ 8 ක් ගණක් කරලම අර අම්මට දීලා කිව්වා තාත්තාව බේර ගන්න මේ සල්ලිවලින් කියලා. අර අම්මා ඒ අයියට පින් දීලා අර සල්ලි ගත්තා. සමහර විට ඒ පන්දාහේ කොළ කියලවත් ඒ අම්මා දන්නේ නැතිව ඇති. පස්සේ මම අර අයියගෙන් ඇහුවා අයියේ ඔයා කොහෙද වැඩ කරන්නේ කියලා. “මල්ලි මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ වැඩ කරන්නේ.
මේ පඩි අරන් ගෙදර යන ගමන්. මගේ අම්මා නෑ මල්ලි. අම්මා නැති වුණාට පස්සෙයි මට මේ ජොබ් එක හම්බ වුණේ. ඒකෙන් මට අම්මට හරියට සලකන්නත් බැරි උනා.
ඒත් අදනම් මගේ හිතට හරිම සතුටුයි. මම මගේ පඩිය දුන්නේ මගේ අම්මට සැලකුවා කියලා හිතාගෙන. ” මේ කතාව අහලා මගේ ඇස්වලට කදුළු ආවේ දුකටද අර අම්මට සල්ලි ලැබුනා දැකපු සතුටටද දන් නෑ. ඒත් ආමි කාරයෝ ගගා සමහර කිව්වට මේ තමයි ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියම වීරයෝ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!