Gossip

“එයා නැත්නම් මට පිස්සු හැදෙයි” – අනුරාධා නළුවෙක් එක්ක පැටලුන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

අනුරාධා එදිරිසිංහ කියන්නේ මේ දිනවල ඉන්න ජනප්‍රිය රංගන ශිලිපිණියක්.පසුගිය දිනවල ඇය සම්බන්ධයෙන් විවිධ කතා පැතුරුණා. ඒ අතර බොහෝ අය කිව්වේ ඇය ක්ෂේත්‍රෙය්ම රංගන ශිල්පියෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවයි. නමුත් ඇය ඒ ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

මම සම්බන්ධ වෙන ටෙලිනාට්‍ය කිහිපයක වැඩවලට මේ දවස්වල සම්බන්ධ වෙනවා. ඒ වැඩ කටයුතුත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ.

ඒ කියන්නේ වැඩ ජයයි වගේ..?
ඔව්. ෂේප් එකේ වැඩ ටික කරගෙන යනවා.

පහුගිය කාලේ නම් අනුරාධාට වැඩිපුර ප්‍රතිචාර ලැබුණේ පැහැසරා ටෙලි නාට්‍ය නිසා..?
ඔව්. අදටත් කොහේ ගියත් පහන්දි කියලා තමයි මට කතා කරන්නේ. සමහරු වැරැදිලා පැහැසරා කියලත් මට කතා කරනවා. තාමත් ප්‍රතිචාර ලැබෙන්නේ පහන්දිගේ චරිතයට.

රංගනය කියන්නේ අනුරාධාට අහම්බයක්ද..?
මම අවුරුදු දහතුනේදි රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. තාත්තා ඒ කාලේ මට කිව්වා දැන් ඇති ඒවට සම්බන්ධ වුණා කියලා. මගේ ඉගෙනීම් කටයුතුවලට බාධාවක් වෙයි කියලා හිතලා තමයි තාත්තා එහෙම කිව්වේ. 2015දී නැවත මම රංගනයට පිවිසීම අහම්බයක්.

ආයෙත් රංගනයට එද්දී පවුලේ අය අනුරාධාගේ ගමනට හරස් කැපුවේ නැද්ද..?
නැහැ. මගේ තාත්තත් මම රඟපාද්දි ඒවා දැකලා සතුටු වුණා. මගේ අම්මයි, අයියයි වුණත් මම කරන දේවල්වලින් සතුටු වෙනවා. මගේ තාත්තා මීට අවුරුද්දකට විතර කලින් නැති වුණා. මම හිතනවා මගේ තාත්තගේ ආශීර්වාදය මට තියෙනවා කියලා. තාත්තා ඉද්දි මාව වැඩවලටත් එක්ක ගියා.

ඒ කියන්නේ අනුරාධාගේ හෙවණැල්ල වුණේ තාත්තද..?
මගේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් කෝමා තත්ත්වයට පත්වෙලා මාස අටක් විතර හිටියා. ඒ කාලෙදි මගේ අම්මටත් මාත් එක්ක වැඩවලට එන්න බැරි වුණා. නැත්නම් තාත්තා හරි අම්මා හරි මම වැඩවලට යද්දි මාත් එක්ක ආවා. තාත්තා නැතිවුණාට පස්සෙ රූගත කිරීම්වලට යද්දි අම්මා මාත් එක්ක ආයෙත් එනවා.

අම්මාව යන යන තැන එක්කගෙන යන්නේ ක්ෂේත්‍රය ගැන තියෙන බය නිසාද..?
මම ක්ෂේත්‍රයට අලුත්. නමුත් මට ආශ්‍රය කරන්න ලැබිලා තියෙන්නේ ගොඩක් හොඳ පිරිසක්. මේ ක්ෂේත්‍රය හරි සුන්දරයි. බය වෙන්න දෙයක් මේ ක්ෂේත්‍රයේ මට දැනිලා නැහැ. ආරක්ෂාවට කෙනෙක් ඕන කියලත් මට දැනිලා නැහැ. සමහරු ඉන්න විදිය අනුව බලපෑම් එල්ල වෙනවද මම දන්නෙත් නැහැ.

සමහරු කියනවා අලුතෙන් එද්දි ඒ කෙනාව දැලේ දාගන්න දඟලන අය ඕන තරම්ලු. අනුරාධාටත් එහෙම දැනිලා තියෙනවද..?
මට එහෙම දෙයක් වෙලා නැහැ. ඒක මගේ වාසනාව. මගේ ජීවිතේ හැම දෙයක්ම හොඳ විදියට සිද්ධ වෙනවා. මට අහිමි වුණේ මගේ තාත්තා විතරයි.

රංගනයේ අවස්ථා ගන්න නම් අධ්‍යක්ෂවරු එක්ක නිෂ්පාදකවරු එක්ක වැඩි ඇයි හොඳයි තියාගන්න ඕනෙලු. විශේෂ තැන්වල නිතර පේන්න ඉන්න ඕනෙලු. ඇත්තද මේ කතාව..?
මම ක්ෂේත්‍රයට එද්දි ආවේ ස්ක්‍රින් ටෙස්ට්වලින් පාස් වෙලා. ඊට පස්සේ ටෙලි නාට්‍යවල රඟපානවා දැකලත් මට අවස්ථා ලැබුණා. මම මේ ක්ෂේත්‍රයේ හිමින් ගමනක් ආවේ. මම ඉන්න අවශ්‍ය තැන්වලට යනවා. අවස්ථා ගන්න බලාගෙන විශේෂ අවස්ථාවලට යන්නෙවත් විශේෂ අය ආශ්‍රය කරන්නෙවත් නෑ.

අනුරාධාට රංගනයෙදි සීමා තියෙනවද..?
මට සීමා දාගන්න තරමේ චරිත ලැබිලා නැහැ. හැබැයි මම ගොඩක් ඇඳුම් ගැන සැලකිලිමත් වෙනවා. ටෙලි ඩ්‍රාමාවල නම් කොහොමත් ලිමිට් තියෙනවනේ. මියුසික් වීඩියෝවලත් සීමා දාගන්න ඕන තරමේ දේවල් මට ලැබිලා නැහැ.

සරාගික දර්ශන ට්‍රෙන්ඩ් එකේ මියුසික් වීඩියෝවක් ලැබුණොත් අනුරාධා එකඟ වෙනවද..?
ඒ වගේ මියුසික් වීඩියෝ නම් මම කරන එකක් නැහැ. ඒ වගේ දෙයක් මගෙන් බලාපොරොත්තු වෙනවා නම් මම හිතනවා මගෙන් ඒ වගේ දෙයක් සාර්ථක වෙන එකක් නෑ කියලා.

අනුරාධා දැන් පෙම්වතියක්ද..?
තාම පෙම්වතියක් නෙවෙයි.

අනුරාධා ක්ෂේත්‍රයේ නළුවෙක්ට ආදරේ කරලා බූට් තිබ්බා කියලා කතාවක් පැතිරෙනවා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද..?
ඒ කවුරු ගැනද කියන්නකෝ.

චමීරට..?
අම්මෝ… චමීර කියන්නේ මගේ හොඳ යාළුවෙක්. අපි දෙන්නා මුලින්ම එකම නාට්‍යයේ රඟපෑවා. අනෝජා වීරසිංහ මහත්මියගේ “අභින” පාඨමාලාවටත් අපි සම්බන්ධ වුණේ එකට. අපි ගොඩක් ක්ලොස්. නිතර නිතර එකට දකිද්දි ඔහොම කතා හැදෙනවනේ.

එතකොට චමීරගෙයි අනුරාධාගෙයි ආදර සම්බන්ධයක් තිබ්බේ නැද්ද..?
අපි අතර ආදර සම්බන්ධයක් තිබ්බෙත් නෑ. එහෙම ආදර සම්බන්ධයක් ඇති වෙන්නෙත් නෑ. එක එක අය එක එක කතා කොහොමත් අපි ගැන කියනවනේ.

චමීර තාමත් අනුරාධාගේ යාළුවෙක්ද..?
ඔව්. එයා නැත්තම් මට පිස්සු හැදෙයි. එයා විතරක් නෙවෙයි මාධව, දිනෙත්, දසුන්, ධනුක, ෂෙහානි, විනු මේ වගේ යාළුවෝ ගොඩක් මට ඉන්නවා. මුල ඉඳන් හිටපු යාළුවෝ එක්ක මම ළඟින් ඉන්නවා. ඉතිං ඒ නිසා වෙන්න ඇති චමීරටයි මටයි කතා හැදුණෙත්.

අනුරාධා මොන වගේ පෙම්වතෙක්ද බලාපොරොත්තු වෙන්නේ..?
අම්මගෙන්, තාත්තගෙන් ආදරේ ලැබුණට පෙම්වතෙක්ගෙන් ආදරය ලැබෙනවා කියලා මම හිතන්නේ නැහැ. මාව වටින කෙනෙක් ලැබුණොත් මම ඒකට ආදරේ කියයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!