Gossip

“එයා කොයි වගේද, ගති පැවතුම් මොන වගේද එයා මට ගැළපෙනවාද කියන එක දැනගන්න කැමතියි.. ඔව් මම ඒ ආදර යෝජනාව භාරගන්නවා”

පාසල් යන කාලේ ඉඳලා මම ක්‍රිකට්වලට කැමැතියි. ඒකට හේතුව තමයි අපේ අම්මා නිතරම වගේ ක්‍රිකට් තරග නරඹන්න පුරුදු වෙලා හිටිය එක.
ඇය ලංකාව ක්‍රීඩා කරන සියලු තරග නරඹනවා. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල්වල තියෙන තරග පවා පාන්දර නැගිටලා බලනවා.
අම්මාගේ තිබුණ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කැමැත්ත පස්සේ මටත් පවුලේ හැමෝටමත් පුරුද්දක් වුණා.

ඔබ කැමති ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවාද?
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මම ගොඩක්ම කැමතියි කුමාර් සංගක්කාරට. ඔහුට කැමති වෙන්න හේතුව තමයි සංගක්කාර ක්‍රීඩා කරන ක්‍රීඩා විලාසයට මම කැමතියි.
ඒ වගේම ඔහුගේ පෞර්ශත්වයට. අනිත් ක්‍රීඩකයන්ගෙන් දකින්නට නොලැබෙන පෞර්ශත්වයක් මම සංගක්කාරගෙන් දකිනවා.
විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තෝරනවා නම් මම කැමතියි ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට. කෝලි ටිකක් විතර කෙන්තිකාරයෙක් වුණත් ඔහු ඉතා නිහතමානි ගතිපැවතුම්වලින් පිරුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදහට මම දකිනවා.

ක්‍රිකට් ක්‍රීඩකයෝ එහෙම මුණ ගැහිලා තියෙනවාද?
ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල වගේ ක්‍රීඩකයෝ මුණ ගැහිලා කතා බහ කරලා තියෙනවා.
ලොකුවට අදහසක් නැ මගේ එහෙම ක්‍රිකට් ක්‍රීඩකයෝ මුණ ගැහෙන්න කියලා.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් මුණ ගැහිලා ඔහු ආදර යෝජනාවක් කළොත් භාර ගන්නවාද?
ඔව්, නමුත්, මම මුලින්ම කැමතියි ඒ ආදර යෝජනාව කරපු කෙනා ගැන දැනගන්න.
එයා කොයි වගේද, ගති පැවතුම් මොන වගේද එයා මට ගැළපෙනවාද කියන කාරණා ටික. ඔහු මගේ අදහස්වලට ගැළපෙනවා නම් අනිවාර්යයෙන්ම මම ඔහුගේ ආදර යෝජනාව පිළිගනිවි.

ක්‍රිකට් තරග නරඹන නිසා ක්‍රිකට් ගැන අවබෝධයකුත් ඇති ඔබට?
ඔව්, සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාව ගැන තියෙන අවබෝධයක් මට ක්‍රිකට් ගැන තියෙනවා. අනික මට හොඳට ක්‍රිකට් ක්‍රීඩා කරන්නත් පුළුවන්. පිතිකාරිණියක් විදිහටත්, පන්දු යවන්නියක් විදිහටත් මට දක්ෂතා දක්වන්න පුළුවන්. මෑතකදී පැවැති නළුනිළි ක්‍රිකට් තරගාවලියේදීත් මම හොඳ දක්ෂතා පෙන්වුවා.

වර්තමානයේ ලංකාවේ ක්‍රිකට් ගැන ඔබේ තියෙන අදහස මොන වගේද?
ක්‍රිකට් තරගවලට කැමැත්තක් ඇතිවුණ මුල් කාලයේදී නම් එක් තරගයක්වත් අත්හරින්නේ නැතුව නැරඹුවා.
සංගක්කාර, මහේල, ඩිල්ශාන් සමුගත්තට පස්සේ කණ්ඩායම අසාර්ථක වෙන්න පටන් ගත්තා. ඔය කාලේදී නම් ක්‍රිකට් ගැන කතා කළත් මට ගොඩක් තරහා යනවා.
තරග නරඹන එක පවා ඒ අසාර්ථක කාලයේදී මම අත්හැරියා. නමුත්, මෑතක ඉඳලා ආයෙත් තරග නරඹන්න ආසාවක් ඇති වෙලා තියෙනවා මට. ඒ පාකිස්තානයේදී අපි විස්සයි 20 තරගාවලිය ජයගත් නිසා.

අනාගතයේදී ලංකාවේ ක්‍රිකට් හොඳ අතට ගෙන්න මොන වගේ සැලසුමක් ක්‍රියාත්මක කළ යුතුද?
මම දන්න විදිහට අපිට පාකිස්තානු තරගාවලියේදී හොඳ තරුණ කණ්ඩායමක් මුණ ගැහුණා. මේ තරුණ ක්‍රීඩකයෝ අතරේ කිහිප දෙනෙක්ම අලුතෙන්ම කණ්ඩායමට ආපු අය. ඒ වගේ තව කොපමණ ප්‍රමාණයක් ඉන්නවාද. මම හිතන්නේ අන්න ඒ දක්ෂයෝ ටික මේ කණ්ඩායමට ගේන්න අවශ්‍යයි. තරුණ අයට අවස්ථාව වැඩිපුර ලබා දිය යුතුයි. ඒ වගේම හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් කණ්ඩායමට කැඳවිය යුතුයි.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!