Gossip

“එක්කෙනෙක් දෙන්නෙක් හොඳටෝම ඇති මේක උඩුයටිකුරු කරලා අයහපත් තත්ත්වයකට හරවන්න” -සෞඛ්‍ය අංශ කළ අනතුරු ඇඟවීම

ලංකාවේ මේ වන විට තිබෙන කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කරනු ලැබුවා.ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ , “එක්කෙනෙක් දෙන්නෙක් හොඳටෝම ඇති මේක උඩුයටිකුරු කරලා අයහපත් තත්ත්වයකට හරවන්න,” වශයෙනි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් , පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය සඳහන් කළේ “සෑම කර්මාන්ත ශාලාවක් සඳහාම කොවිඩ් වැළැක්වීම, සේවක සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීම සඳහා නිලධාරියෙකු වෙනම පත්කරන ලෙස කර්මාන්ත කළමනාකාරීත්වයට පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය අංශය නිර්දේශ කරලා තියෙනවා. අදාළ නිලධාරියාගේ නම, දුරකථන අංක ඇතුළු අනෙකුත් විස්තර කර්මාන්ත ශාලාව පිහිටා ඇති ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හරහා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. යම් රෝග ලක්ෂණ පෙන්නුම්කරන සේවක සේවිකාවක් සිටි නම් ඔවුන්ගේ විස්තර ලේඛනගත කරලා දෛනිකව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත යැවිය යුතුයි,” වශයෙනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!