Gossip

එකක් යද්දි තව එකක්. මොකක්ද මේ රටට වෙන්න යන්නේ..?

අපේ රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා රටේ හැමතැනටම වගේ ගොඩක් හානි සිදුවුණා.
මේ ඔකී සුළි කුණාටුවේ බලපෑම ඉවත්ව යද්දී අන්දමන් දූපත් ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිළි සහිත තත්ත්වය දිවයිනට ආසන්නවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අඩුපීඩන කලාපයක් ලෙස එය වර්ධනය වීමෙන් අනතුරුව ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බව අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයට හේතුවූ ඔකී සුළි කුණාටුව මේ වනවිට පවතින්නේ දිවයිනට බටහිර දෙසින් කිලෝමීටර 1600 ක් පමණ ඈතින්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එය තවදුරටත් දිවයිනෙන් බැහැරට ගමන් කරන බවයි.
රාජ්‍ය නිලධාරින්ට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගෙන අවතැන් කඳවුරුවල සිටි පිරිස් මේ වනවිට යළි සිය නිවෙස් වෙත යාම ආරම්භ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
දිස්ත්‍රික්ක 16 කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්වුණා.
ගං වතුර තත්ත්වය පහව යාමත් සමග ආපදාවන් ඇතිවූ ප්‍රදේශවල ජනතාව බෝවන රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ජල ගැලීම් නිසා අවහිර වී තිබූ මාතර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල මාර්ග මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට පවතින නාය යාමේ අවදානම දීර්ඝ කර තිබෙනවා.
අද දිනයේදීත් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!