Gossip News

උසස් පෙළට සහභාගි වු සිසුවෙකුට කොරෝනා – සියළුම සිසුන් අනතුරේ

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මේ බව තහවුරු කර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

එම මධ්‍යස්ථානය සදහන් කළේ පසුගිය 29 වැනිදා එම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ 81ක් කළ බවයි.

ඉන් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තහවුරු කර තිබේ.

කොවිඩ්-19 වෛරසය ආසාදිත අදාළ උසස් පෙළ සිසුවා මේ වන විට අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර ඇති අතර, එම දරුවාගේ විභාග කටයුතු සිදුකිරීම සදහා අවස්ථාව ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් ද කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!