Gossip

උපන් දිනය වෙනුවෙන් බිරිඳව පුදුම කරන්න හදපු ඉංජිනේරු තරුණයා අවසන් ගමන් යයි – Photos

බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයව පුදුම කරන්න ගිය තරුණයෙකු මියගිය පුවතක් වාර්තා වනවා.
ඒ ගොඩනැගිල්ලකින් වැටීම හේතුවෙන්.
මෙලෙස මියගොස් තිබෙන්නේ බෙල්ජියමේ තොරතුරු තාක්ෂණ සමාගමක් සමඟ සේවය කරන 32 හැවිරිදි Tejas Dubey නමැති තරුණයෙක්.
උපන් දිනය වෙනුවෙන් සිය බිරිඳව පුදුම කිරීමට මෙම තරුණයා විසින් විශේෂ සංචාරයක් සැළසුම් කර ඇති අතර ඇය ජීවත්වන Pune නගරයට යාම සඳහා පිටත් වීමට පෙර එදින රාත්‍රීයේ සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ PK Arch නමැති ගොඩනැගිල්ලක රැඳී සිට තිබෙනවා.
එම අවස්ථාවේදී මෙම තරුණයාව ගොඩනැගිල්ලේ ජනේලයකින් ඇද වැටී ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.
Dubey ගේ මිතුරෙකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ ගොඩනැගිල්ලට නැවුම් වාතාශ්‍රය පැමිණීම සඳහා එහි ජනේලය විවෘත කර තිබුනු බවත්, ඔහුට නිදිමතේ එ් බව හඳුනා ගැනීමට නොහැකිව එම ස්ථානයෙන් වැටෙන්නට ඇති බවයි.
මේ අතර ඔහුගේ මළ සිරුර ප්‍රථමයෙන්ම දැක ඇති අසල්වැසි නිවසියෙකු ඒ පිළිබඳව මුරකරුට දැනුම්දී ඇති අතර ඔහුගේ මිතුරන් දෙදෙනෙකු එක්වී ඔහුව රෝහල් ගතකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!