කාන්තාවන්ට පොදු පිහිනුම් තටාකවල උඩු කය නිරුවත්ව පිහිනීම සඳහා පැවති තහනම ඉවත් කිරීමට පක්ෂව ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරය ආසන්නයේ පිහිටි ගම්මානයක කාන්තාවන් සිය ඡන්දය ලබා දී තිබෙනවා
L’Ametlla del Vallès ගම්මානයේ කාන්තාවන්ගෙන් පක්ෂව 61% ක් ඡන්දය ලබා දී ඇති අතර, එයට විරුද්ධ වී ඇත්තේ 39%ක් පමණයි.
කැටලන් ප්රාදේශීය බලමණ්ඩලය විසින් මෙම ඡන්දය සංවිධානය කරනු ලැබ ඇත. කාන්තාවන් 379 දෙනෙක් එහිදී ඡන්දය භාවිතා කර තිබෙන බව සඳහන්.
ඡන්ද ප්රතිඵලය අනුව වෙනස් වන නීතිය වයස අවුරුදු 16 සහ එයට වැඩි කාන්තාවන් සඳහා බලපැවැත්වෙන බවත් සදහන් වෙනවා.
පසුගිය ගිම්හාන සමයේ පිහිනුම් තටාකයක් අසලට පැමිණි පොලිස් භටයන් පිරිසක් උඩුකය නිරාවරණය කර පිහිනමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට නැවත ඔවුන්ගේ නාන ඇඳුම් ඇඟලා ගන්නා මෙන් නියෝග කිරීමේ සිද්ධියක් මුල් කොටගෙන අදාළ නීති වෙනස් කිරීම සඳහා ඡන්දයක් පවත්වන මෙන් කාන්තාවෝ ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම නාන තටාකයේ සිටි උඩුකය නිරුවත් කාන්තාවන් ගැන පොලිසියට දන්වා ඇත්තේ ජීවිතාරක්ෂක නිලධාරියෙකු බවත් කියවෙනවා.
මෙම සිද්ධියෙන් පසු කාන්තාවන්ට සහාය පළ කරමින් විරෝධතාවක් පැවැත්වීමට ගම්වැසියන් කටයුතු කර තිබෙනවා. බාර්සිලෝනා නගරයට කිලෝමීටර් 35ක් දුරින් පිහිටි මෙම ගම්මානයේ 8000ක පමණ පිරිසක් වාසය කරනවා.