Gossip

ඉන්න හිටියත් යන්න වුණු මිකී

එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන බව මිකී ආතර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණා.

ඒ ඔහුගේ කොන්ත්‍රාත්තුව නිමවීම හේතුවෙන්.

කෙසේවෙතත් ඔහුගේ සමුගැනීම ප්‍රශ්නගත බව වාර්තා වෙනවා.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ට තවදුරටත් සේවය කිරීමට කැමැත්තෙන් සිටියද ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැතිවීම ඊට හේතුවයි.

පසුගිය වසර තුළ කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද මිකී ආතර් මෙරට සිටිමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ව ඉදිරියට ගෙන ඒමට ක්‍රියා කළ බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙනවා.

මේ අතර, ඔහුගේ මීළඟ වගකීම ගැන ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ අනුව ඔහු එංගලන්ත ඩර්බිෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන් අනතුරුව ඔහු මෙරටින් නික්මයාමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!