Gossip

ඉදිරියේදී YouTube වෙබ් අඩවිය තුළත් තහනමක්

ගිනි අවි සහ එම උපාංග නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වන සියලුම වීඩියෝ දර්ශන තහනම් කිරීමට YouTube වෙබ් අඩවිය පියවර ගෙන තිබෙනවා.

මේ වන විටත් YouTube වෙබ් අඩවිය තුළ හුවමාරුවූ එවැනි වීඩියෝ වලින් සමහරක් ඉවත් කිරීමටත් එවැනි වීඩියෝ දර්ශණ ප්‍රචාරණය කරනු ලබන වීඩියෝ නාලිකාවන් අත්හිටුවීමටත් එම සමාගම මේවන විට කටයුතු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

ජනප්‍රිය ගිනි අවි වීඩියෝ බ්ලොග්කරුවන් මේ පිළිබදව YouTube සමාගමට සිය අප්‍රසාදය පළකර තිබෙන බවට වාර්තා වෙනවා. ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ YouTube සමාගමේ මෙම තීරණය “මානව අයිතීන් උල්ලංඝනය වීමක්” ලෙසටයි.

ගිනි අවි හා වෙඩි උණ්ඩ නිෂ්පාදනය කිරීම, ඒවා පාරිභෝගිකයින්ට විකිණීම සඳහා වන ප්‍රචාරණයන්, ගිනි අවි අලුත්වැඩියා කිරීම හා ඒවා යාවත්කාලීන කිරීම පිළිබඳ වන වීඩියෝ සියල්ල තහනම් කිරීමටද YouTube වෙබි අඩවිය තීරණය කර තිබෙනවා.

ගිනි අවි පිළිබදව විනෝදාංශයක් ලෙස සිය නිර්මාණ හා අදහස් ප්‍රචාරණය කිරීම් පවත්වාගෙන යනු ලබන YouTube නාලිකාකරුවන් මෙම තීරණයත් සමග දැඩිව කලකිරීමකට ලක්ව සිටින බවට වාර්තා වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!