Gossip

ඇන්ජලීනා ජොලී, ඩේවිඩ් බෙකම්, මැඩෝනා සහ දෙවන එලිසබෙත් රැජිනත් ආහාර ගන්න ඩෙස් ගුණවර්ධනගේ ලොවක් දිනූ අවන්හල

නමින් ඩෙස්මන්ඞ් ඇන්තනී ලලිත් ගුණවර්ධන වන ඔහු සිය මව හා සිවිල් ඉංජිනේරුවරයකු වන පියා සමඟ එංගලන්තයට පැමිණෙන විට සත් හැවිරිදි කුඩා දරුවෙකි. නමුත් ඔහු ද අන් සියලූ දෙනා සේම සිහිනයක් දුටුවේය.
ඒ සිහිනය හඹා ගියේය. අවසානයේ ඔහුට සිහිනය සැබෑවක් කර ගැනීමට හැකි විය.
ඒ ලන්ඩන් නගරයේ ඇති විශාලතම අවන්හල් සහ හෝටල් ජාලයක හිමිකරුවකු වෙමිනි. ඔහුගේ එම අවන්හල් සහ හෝටල් තුළ ලෝකයේ සුපිරි තරු හා බලවතුන්ගේ මුහුණු නිතරම හුරු පුරුදු දසුනකි. රසිකයන් සමරු සටහනක්, ඡුායාරූපයක් ගැනීමට පොරකන තරු, ඔහුගේ අවන්හලේ රසිකයන් ය.
ආර්ථික විද්‍යාව හදාරා ලබාගත් ව්‍යාපාර ඥානයත්, වරලත් ගණකාධිකාරිවරයකු ලෙස සේවය කොට ලබා ගත් අත්දැකීම් ද එකතු කර ගනිමින් ලන්ඩනයේ ව්‍යාපාර ලෝකයට පිවිසෙන්නේ අතිදක්ෂ නිර්මාණ සැලසුම් ව්‍යවසායකයකු වන සර් ටෙරන්ස් කොන්රන් සමඟ ය.
ඩෙස් ගුණවර්ධන මහතා ද කොන්රන් විසින් කරන ලද විප්ලවීය නිර්මාණ පිළිබඳව විමතියට පත්ව සිටි අතර එවැනි දක්ෂ සැලසුම්කරුවකු හා එක්ව ව්‍යාපාර ලෝකයට අත්පොත් තැබීමට ලැබීම ඔහුට ද මහත් භාග්‍යයක් විය.
සර් ටෙරන්ස් කොන්රන් වැනි අතිදක්ෂ නිර්මාණකරුවකු හා කදිම ව්‍යාපාරික ඥානයකින් හෙබි ඩෙස් ගුණවර්ධන මහතා අතර ඇති වූ සුසංයෝගය ප‍්‍රාථමික මට්ටමෙන් ආරම්භ කළ ව්‍යාපාරය, ගෝලීය අවන්හල් හා හෝටල් ජාලයක් තෙක් දියුණු වීමට මග පාදා තිබුණි. එය මහත් ආශ්චර්යාත්මක ජයග‍්‍රහණයක් විය. නමුත් අවුරුදු 12ක් අවසන් වූ විට ඔවුන් දෙපළ වෙන්ව ව්‍යාපාර කිරීමට තීරණය කළහ.
එහිදී අප කථානායකයා වන ඩෙස් ගුණවර්ධන මහතා අවන්හල් ජාලය මිලට ගත් අතර සර් ටෙරන්ස් කොන්රන් නිර්මාණ සැලසුම් ව්‍යාපාරය ඔහු හා රඳවා ගත්තේ ය. ඒ හේතුවෙන් ඩෙස් ගුණවර්ධන නම් ශ‍්‍රී ලාංකිකයා 2006 වර්ෂයේ දී ‘ඞී ඇන්ඞ් ඞී ලන්ඩන්’ නම් සුප‍්‍රසිද්ධ අවන්හල් ජාලයක හිමිකරුවකු විය. එය ‘ඞී ඇන්ඞ් ඞී’ ලෙස නම් කොට ඇත්තේ ඩෙස් ගුණවර්ධන මහතාගේ නමේ මුල් අකුරත් ඔහුගෙ අනෙක් ව්‍යාපාරික සගයා වන ඬේවිඞ් ලූ මහතාගේ නමේ මුල් අකුරත් යොදා ගනිමිනි.
‘ඞී ඇන්ඞ් ඞී’ අවන්හල් ජාලය, අවන්හල් හා හෝටල් 36 ක සාඩම්බර අයිතිකරුය. ඔවුන්ගේ මෙම අග‍්‍රගණ්‍ය සේවය සීමාවන්නේ ලන්ඩනයට පමණක් නොව පැරිසිය, නිව්යෝර්ක් නුවර හා ටෝකියෝව දක්වාත් තමන්ගේ සේවාවන් පුළුල් කර ඇත. තවද ඔවුන් 2019 වසරේ මාර්තු මාසයේදී නිව්යෝර්ක් නුවර සිය දෙවන අවන්හල ආරම්භ කිරීමටද සැලසුම් සකස් කොට තිබේ.
ඩෙස් ගුණවර්ධන මහතා තමන්ගේ අවන්හල් ජාලය නිර්මාණය කොට තිබෙන්නේ සැමට සමාන ලෙස සැලකීම යන සංකල්පය මුල් කොට ගෙනය.
එහි මේ මොහොතේ ලෝකයේ බලවත්ම මිනිසා ආහාර ගත්තද, අවන්හල තුළට පැමිණියද ඔහුගේ අවන්හල් තුළ පවතින සාම්ප‍්‍රදායික රටාව කුමන හේතුවක් නිසා හෝ වෙනස් වන්නේ නැත.
තවද මෙම අවන්හල් ජාලයෙන් ආහාර ගැනීමට ඇන්ජලීනා ජොලී, ඬේවිඞ් බෙකම්, මැඩෝනා පමණක් නොව එංගලන්තයේ දෙවන එලිසබෙත් රැජින පවා ප‍්‍රියතාවයක් දක්වනවා.
‘ඞී ඇන්ඞ් ඞී’ අවන්හල් ජාලයේ තවත් එක් අවන්හලක් වන ක්වැග්ලීනෝ (ූම්ටකසබද* අවන්හලට සිය අනූ වන උපන්දින සැමරුමට සහ රාජාභිෂේකයේ හැට වන සංවත්සරය ද නිමිති කොට ගෙන රාත‍්‍රී භෝජනය සඳහා එංගලන්තයේ දෙවන එලිසබෙත් රැජින මෙම අවන්හලට පැමිණීම තවත් එක් විශේෂිත වූ සිදු වීමකි.
එහි විශේෂත්වය තවත් වර්ධනය වන්නේ රැුජින 1956 දී රාජාභිෂේකයට පත්වූ දින රාත‍්‍රී භෝජනය ගනු ලැබුවේ ද මෙම අවන්හලෙනි. එහිදී මෙය ඉතිහාසගත වන්නේ දෙවන එලිසබෙත් රැුජින රාජ්‍යත්වයට පත්වූ පසු රාත‍්‍රී භෝජනය සැපයූ පළමු ප‍්‍රසිද්ධ අවන්හල ලෙසට ය.
මීට අමතරව බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලේයා(ර්* සහ ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් යන ලෝක බලවතුන් දෙදෙනාද ඔවුන්ගේ ආර්යාවන් සමඟ මෙම අවන්හලට රාත‍්‍රී භෝජනය සඳහා පැමිණ තිබෙනවා.
ඇමරිකානු ජාතිකයන් මෙම අවන්හලට ගොඩ වූ විට එම ලෝක නායකයන් දෙදෙනා ආහාර ගත් මේසය පිළිබඳව උනන්දු වීමට තරම් ම එම පුවත ප‍්‍රසිද්ධ වී තිබෙනවා.
මෙම අවන්හල් තුළ කෙනෙකුට තම උපන්දිනය සැමරීමටත්, තවකෙකුට ව්‍යාපාර පිළිබඳ සාකච්ඡුා කිරීමට හෝ පේ‍්‍රමණීය රාත‍්‍රී ආහාරයක් ලබා ගැනීමටත් ඉඩකඩ වෙන්ව පවතී. ඉන් පෙනී යන්නේ ඕනෑම කෙනෙකුට නිදහසේ තම අරමුණ ඉෂ්ට කර ගැනීමට මෙම අවන්හල තුළ හැකියාව ඇති බව ය.
තවද ඩෙස් ගුණවර්ධන හා ඬේවිඞ් ලූ යන මහත්වරුන් තම අවන්හල් ජාලයේ දස වන සංවත්සරය නිමිති කොට ගෙන ‘ඞී ඇන්ඞ් ඞී’ සමාජයක් නිර්මාණය කොට ඇති අතර එයට ඇතුළත් වන්නේ අවන්හල් හි නිතර ගැවසෙන සුපිරි තරු සහ සුපිරි බලවතුන් වීම විශේෂත්වයකි.
තවද තම අවන්හලට පැමිණෙන සුපිරි චරිත, සාමාන්‍ය සේවාදායකයන් හා මුසු කිරීමටද ඔවුන් අපූරු ක‍්‍රමයක් යොදා ගනී. ඒ මෙහි ආහාර ගන්නන් මෙම අවන්හල් ජාලයෙන් දස වතාවකට වැඩි වරක් ආහාර රස බලා ඇත්නම් ඔවුනට කාඞ්පතක් මගින් ‘ඞී ඇන්ඞ් ඞී’ සමාජයේ සාමාජිකත්වය හිමි වේ. එමගින් ඔවුනටද සමාජයේ ජනප‍්‍රිය සුපිරි තරු හා එක්ව ආහාර ගැනීමට හා සාදයන්ට සහභාගි වීමට අවස්ථාව හිමි වේ.
මේ අයුරින් ඩෙස් ගුණවර්ධන මහතා එදා දුටු සිහිනය අද සැබෑ කරගෙන ඇත. ඒ ඔහු තමා වඩාත් ම ඇලූම් කළ දේ තෝරාගෙන එහි දියුණුවට කැපවී කටයුතු කිරීම නිසාවෙනි.
තමාගේ හැකියාව පිළිබඳ විශ්වාසය තබා ඔහු එක් අරමුණක පිහිටා කටයුතු කිරීම හේතුවෙන් අද ඔහු සාර්ථකත්වයේ ඵල නෙළා ගනිමින් සිටී.
මෙලෙස ජනප‍්‍රිය නළු නිළියන් මෙන්ම ගායක ගායිකාවන්ගේ සිට රැජින දක්වා ආහාර ගැනීමට පැමිණෙන උසස් තත්ත්වයේ අවන්හල් සහ හෝටල් ජාලයක හිමිකරුවකු ලෙස ශ‍්‍රී ලාංකික පුද්ගලයකු අත් කරගෙන ඇති ජයග‍්‍රහණය පිළිබඳව අප ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් සතුටට පත් විය යුතු ය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!