Gossip

“ඇත්තටම ඒක විවාහයක් නෙමෙයි. ඒක මුදු මාරු කිරීමක් විතරයි. තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන මුදලට වහල් නොවී වැඩ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.”

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ කලා ලෝකය තුළ ඇති වෙනවා.
මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙස විශ්ව පෙරේරාව හඳුන්වන්න පුළුවන්.
අන්තර්ජාතික නිරූපණය තරගාවලි විනිසුරුවරයෙකු හැටියටද අන්තර්ජාතික නිරූපණ තරග රැසක ලංකාව නියෝජනය කරන ජාතික අධ්‍යක්ෂවරයා හැටියටත් විශ්ව කලා ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. විවිධ සිදුවීම් ඔස්සේ හැමෝම කතාබහ කරන කෙනකු වුණු විශ්වටත් කියන්න ලොකු කතාවක් තියෙනවා.
මේ හැමදේම ගැන විශ්ව සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

විශ්ව පෙරේරා කියන්නේ කාටද?
විශ්ව පෙරේරා කියන්නේ හරි සරල චරිතයකට. එයා අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්නේ නැහැ.
ඒත් එය එයාට හිතෙන දේම කරන කෙනෙක්. විශ්ව පෙරේරා කියන්නේ වෘත්තියෙන් අන්තර් ජාතික නිරූපණ තරගාවලිවල විනිසුරුවරයෙක්.
ඒ වගේම ජාත්‍යන්තර නිරූපණ තරගවල ජාතික අධ්‍යක්ෂවරයා.

ඉතින් විශ්ව, මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල මගේ Mr. Sri Lanka, Miss. Sri Lanka නිරූපණ තරගවලට ලෑස්ති වෙනවා. ඒ වගේම තමයි මම ලංකාවේ තරුණ තරුණියන්ට නිරූපණය හැදෑරීමට පාසලක් ආරම්භ කරනවා.

ඔබ ආරම්භ කරන්න යන නිරූපණ පාසල ගැන විස්තර කළොත්?
ඒක පසුගිය 15 වැනිදා ආරම්භ කළා. කොළඹ 07, විද්‍යා මන්දිරයේදී තමයි පාසල පැවැත්වෙන්නේ.
මේ නිරූපණ පාසලේ දක්ෂ ගුරුවරු දහ දෙනෙක් ඉන්නවා. ලංකාවේ අනෙක් නිරූපණ පාසල්වල තියෙන්නේ Cat walk training එක විතරයි.
නමුත් මේ පාසලේදී ඒ පුහුණුවලට අමතරව Grooming, Personal Development, Human resource management ඇතුළු විෂයන් 10ක් උගන්වනවා.
මේ පාසලෙන් ඉගෙනීම අවසන් කරන අයට නිරූපණය පිළිබඳව උපාධිය හදාරන්න විදේශ රටවල් සම්බන්ධ කරලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. එංගලන්තය, ස්වීඩනය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව යන රටවල විශ්වවිද්‍යාල සම්බන්ධ කරලා දෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළින් පසුව ඕනෑම කෙනකුට මේ පුහුණු පාසලට ඇතුළු වෙන්න පුළුවන්.

නිරූපණ ශිල්පියෙකු හෝ ශිල්පිනියක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ තරුණියන්ට විශ්වට කියන්න දෙයක් ඇති?
තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන මුදලට වහල් නොවී වැඩ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තමන්ගේ කැපවීමෙන් මහන්සියෙන් ඉගෙන ගත්තාම ඕනේ තැනකට යන්න පුළුවන්. ලොකු ගමනක් තියෙනවා. ඒත් ඉතා ඉක්මණින් ක්ෂේත්‍රයේ තැනකට එන්න කියලා කරන දේවල් හරිම තාවකාලිකයි. හැමදේම ඉගෙන ගත්ත කෙනකුට තමයි පරිපූර්ණ නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි නිහතමානීකම අංක එකට තියෙන්න ඕනේ. තමන්ගේ වටිනාකම තමන් හඳුනාගෙන තියෙන්න ඕනේ. එහෙම වැඩ කළොත් මෙ ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න පුළුවන්.

විශ්ව කියන්නේ මේ දවස්වල හැමෝම කතාබහ කරන චරිතයක් නේද?
විශ්ව කියන්නේ හැමදාම ලංකාවේ අයට ගොසිප් එකක්. මම කොණ්ඩේ කැපුවත් එයාලට ගොසිප් එකක්. මම පාටියකට ගියත් එයාලට ගොසිප් එකක්. මම මොනදේ කළත් එයාලට ගොසිප් එකක්. ලංකාවේ අයට විශ්ව කියන්නේ ගොසිප් එකක්.

එහෙම වෙන්න හේතුව මොකද?
පල ඇති ගහටනේ ගල් ගහන්නේ. මම කරන දේවල් කියනවා. මම හැමදාම කරන්නේ අලුත් දේවල්. ඉතින් ඒවා අනිත් අයට ලොකු පුවත්. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 2 1/2ක් වෙනවා. මේ කෙටි කාලය තුළ මම අලුත් වැඩ ටිකක් කළා. මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයි කියන අයට වඩා මම වැඩ කරලා තියෙනවා.
ලෝකේ තියෙන හොඳම නිරූපණ තරග ටික තියෙන්නේ මගේ ළඟ. ඉතින් මේ හැමදේම අනිත් අයට ගොසිප්.

මේ ගොසිප් හදන අයට කියන්න දෙයක් තියනවාද?
එයාලා මට බොරු publicity දෙනවා විතරයි. අනිත් අය ගොසිප් හදාගන්නේ සල්ලි වියදම් කරලා.
එයාලා මට ඒක සල්ලි ගන්නේ නැතිව නිකම් කරලා දෙනවා. මම එයාලට කියන්නේ හරි දෙයක් ගැන කතා කරන්න කියලා. මගේ පෞද්ගලිකත්වය එයාලට වැඩක් නැහැ. මම කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ මගේ සල්ලිවලින්. ඉතින් ඒවා එයාලට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ.

ඔබේ විවාහයත් මේ ළඟදි සිද්ධ වුණා නේද?
ඇත්තටම ඒක විවාහයක් නෙමෙයි. ඒක මුදු මාරු කිරීමක් විතරයි. ගොඩක් අය කියනවා ඒක බොරුවට කරපු රඟපෑමක් කියලා. ඒක රඟපෑමක් නෙමෙයි. ඒක ඇත්තටම කරපු එකක්.

ඔබේ විවාහයෙන් පසුවත් ආන්දෝලනාත්මක කතා ගොඩක් හැදුණා. ඒ ගැන මොකද කියන්න තිබෙන්නේ?
ඔව්. ගොඩක් සමාජ ජාලාවල ඒ ගැන එක එක කතා කියනවා. මම චැට් කළා කියලා චැට් එකක් ශෙයාර් වෙනවා. ඇත්තටම මම එහෙම උඩබලාගෙන කෙළ ගහගන්න කෙනෙක් නෙමෙයි.
මගේ පෞද්ගලික දේවල් එහෙම චැට් එකකින් කියන්නේ නැහැ කාටවත්. ඒවා ඔක්කොම බොරු කතා.

මේ අවුරුදු තුනකට ආසන්න කාලය තුළ ඔබ බිහි කළ නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ගැන කිව්වොත්?
ඕෂධී හිමාෂා, ටීනා ශනෙල්, පියුමි හංසමාලි, චමත්කා ලක්මිණී, අමාලි ඉන්දීවරී, අශාන් ෆොන්සේකා, චමුපති කල්ප, වසීම් කම්මාර්, හෂිනි සැමුවෙල්, අංජලී විනෝද්‍යා, අශේන් ලක්රුවන්, සවුමි සබ්‍රි, දිලාන් චන්ද්‍රරත්න යන නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් දැන් ක්ෂේත්‍රයේ ඉහළම තැනක ඉන්නවා. ඒ වගේම ඔවුන් ලංකාවට ජයග්‍රහණ ගේනවා. ඉතින් ඔවුන් බිහි කළේ මම. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.

විශ්වගේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?
2020 Manhunt අන්තර්ජාතික තරගාවලිය තියෙන්නේ ලංකාවේ. ලෝකයේ රටවල් 50ක සහභාගීත්වයෙන් ඒක පවත්වන්නේ. ඒක උපරිමයෙන් හොඳට කරන්න මම බලාපොරොත්තු වෙනවා සහ මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරනවා. වෘත්තිය ජීවිතේ මට හැකිතාක් ඉදිරියටම යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
මගෙන් මේ නිරූපණ ක්ෂේත්‍රයට වෙන්න ඕනේ ඉහළම සේවය මට හැකි කාලයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!