Gossip

“ආසියාවේ හොඳම තනිකඩ අම්මා” – Photos

රුවැත්තියන් සුලබ ඉන්දියාවේ 1994 අවුරුද්ද ගෙවුණේ ‘මිස් වර්ල්ඩ්’ කිරුළත් ‘මිස් යුනිවර්ස්’ කිරුළත් එරටට හිමිකර දෙමිනි.
මේ කිරුළු දෙක ඉන්දියාවට ගෙනා දෙදෙනාම රුවෙන් පරිපූර්ණ වූ සුන්දරම යුවතියන්ය.
දෙනොගේම රූ සපුව කිසිවකුට දෙවැනි වූයේ නැත. එහෙත් ‘ෆෙමිනා මිස් ඉන්දියා’ කිරුළ හිස දරන්නට හැකි වූයේ මේ දෙදෙනාගෙන් එක් අයකුට පමණි. ‘මිස් ඉන්දියා’ ලෙස ඇමතීමට වාසනාවන්ත වූ ඇය පසුකලෙක ඉන්දියාවේ ජනප්‍රිය තරුවක් බවට පත්වූ සුෂ්මිතා සෙන්ය.
ඈ ගැන කවුරුත් කතා කරන්නට පටන් ගත්තේ මිස් යුනිවර්ස් කිරුළ හිස පැලැඳි යුවතිය ඈ වූ නිසාමය.
ඒ රුවැත්තිය අද ආසියාවේ හොඳම තනිකඩ අම්මා වෙමින් කාගේත් කතාබහට ලක්වන නිසාය.
ඉන්දියාව යනු පුරුෂයාට යටත්ව දිවි ගෙවන ළඳුන් පිරුණු රටකි.
පුරුෂවාදය මුල්බැසගත් ඉන්දියානුවන්ගේ සාම්ප්‍රදායට පයින් ගසමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති තඹයකට මායිම් නොකරමින් ජීවත් වෙනවා යනු මරණයත් සමඟ දිවි ගෙවීමකි.
එහෙත් මේ කිසිවකට වෙනස් කරන්නට නොහැකි වූ සුෂ්මිතා 2000 වසරේ දී දියණියක් දරුකමට හදාගන්නට ගත්තාය.
එම දැරිය හදාගන්ට ගත් විට සමාජයෙන් ඇයට විවිධ අභියෝග එල්ලවීමට පටන් ගත්තේ ය. නිළියක් වීම, අවිවාහක වීම, විවිධ පෙම්වතුන් සිටීම, අතිශය කාර්යබහුල දිවියක් ගෙවීම වැනි හේතු හින්දා විවිධ සංවිධාන ද ඇයගේ ක්‍රියාවට එරෙහි වෙනවා. එහෙත් ඒ සියලු අභියෝග ජයගෙන එම දැරිය හදාවඩා ගන්නට ඇයට හැකි වෙනවා.
මේ සිඟිත්තිය, ඇය සමාජ සේවිකාවක ලෙසින් විවිධ ස්ථාන වෙත යාමේ දී ළමා නිවාසයක දී ඇගේ සිත සොරා ගත්තියකි.
ඇය මානසික පසුබැස්මක් සහිත මන්ද මානසික ළදැරියක විය. එහෙත් සුෂ්මිතාගේ සෙනෙහසත් ආරක්ෂාවත් අතර දී මේ සියලු දුර්වලතා පසෙකලා අළු ගසාබසා නැඟිට ගත්තා සේ මේ සිඟිත්තිය දිනෙන් දින රුවින් පිරිපුන්ව සාමාන්‍ය දරුවකු සේ වැඩෙන්නට පටන් ගත්තාය.
ඇය අභියෝගය ජයගත්තාය. ඒ දරුවකුට මවු සෙනෙහස කෙතරම් වටිනාවා දැයි කියන්නටය. සුෂ්මිතාගේ සෙනෙහසින් සදා අඳුරුවන්නට තිබූ දිවියකට සැබෑ අලෝකයක් ලැබුණේ එලෙසිනි.
ඇය මොනතරම් හොඳට මේ දියණියව හදාගත්තා ද කියනවා නම් පළමුව ඇයට විරෝධය දැක්වූවන් ද පසුව ඇගේ ක්‍රියාව අගය කරන්නට විය.
ඒ පිළිබඳ දසතින් පැසසුම් ගලන්නට විය. විවාහ දිවියට ඇතුළත් නොවූවද දරුවන්ට දක්වන සෙනෙහසේ නම් අඩුවක් නැතිවා සේය.
නැවතත් 2010 වසරේ දී ඇය තවත් දියණියක් තමාගේ භාරයට ගත්තේ දරුවන් දෙදෙනකුට මව වෙමිනි. මෙහිදී ඇය පළමු දරුවා හදාවඩාගත් ආකාරය කාගේත් ප්‍රශංසාවට ලක්වීමත් මානසික ආබාධයක් සහිත දරුවා කිසිදු මානසික ගැටලුවක් නොමැති දරුවකු ලෙස ඇය වර්ධනය කළ අපූරුවත් නිසාය.
පසුගිය දා ඇගේ පළමු දියණිය හෙවත් රෙනී සෙන් සිය 19 වැනි උපන්දිනය සැමරුවාය. රෙනීගේ 18 වැනි උපන්දිනය දා ඈ සිය දියණියට ඇය කවුරුදැයි පැවසුවේ දියණියට කැමැති නම් සිය සැබෑ මාපියන් සොයාගන්නට අවස්ථාව සලසමිනි.
එහෙත් ඇය සිය දියණියට මෙය පවසා තිබුණේ බොහෝ ආදරණීය අයුරිනි. එහිදී ඇය බයොලොජිකල් මාපියන් හෙවත් දරුවකු ජාතක වන මාපියන් කවුරුන්දැයි පැහැදිලිකර දී ඇත. එමෙන්ම එවැනි දරුවන් මවු කුසින් උපන්න ද ඔබ උපන්නේ මගේ හදවතේ යනුවෙන් ඇය පවසා ඇත්තේ කාගේත් දෙනෙතේ කඳුළු පුරවමිනි. “බයොලොජිකල් අම්මා කෙනෙක් වීම හරිම බෝරිං. ඒත් ඔයා උපන්නේ මගේ හදවතේ. ඒක හරිම විශේෂ දෙයක් යනුවෙන් ඇය දියණියට ද පවසා තිබේ.
සුෂ්මිතා සෙන් මෑතකදී සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඇයගේ සුන්දර පින්තූර මෙන්ම ඇගේ දියණියන් සමඟ ගත් හුරුබුහුටි වීඩියෝ සහ සෙල්ෆි ද දමා තිබේ.
නේවාසික පාසලක අධ්‍යාපනය ලබන්නට ගිය සිය වැඩිමහල් දියණිය රෙනීට ලියූ හෘදයාංගම ලිපියක් ලොව බොහෝ මාපියන්ගේ සහ දරුවන්ගේ හදවත් දිනා ගැනීමට සමත් විය.
එය අම්මලාට හොඳ ආදර්ශයක් සපයයි. සියලුම අම්මලාට තම දරුවන් පිළිබඳ සිතිය යුතු ඔවුන්ට පහදා දිය යුතු දේවල් එහි පෙන්වයි.
එමඟින් දියණියන් තුළ විශ්වාසය ගොඩනගාගන්න අයුරු,තමන්ට ආදරය කරන අය හා පවුලෙහි වැදගත්කම, හැමවිටම හිතට එකඟ වීමට කියා දෙන අයුරු, දියණියන්ට තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න හැටි කියා දෙන ආකාරය හැමටම ආදර්ශයකි. ඒ ලිපියේ මෙසේ සඳහන්ව තිබුණි.
“මයි ඩාර්ලිං රෙනී! ඔබ ඉපදුණේ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයකටයි, ඔබ ඉපදුණේ ඔබේ මවගේ හදවතින්, ඔබ මෙහි පැමිණියේ ඔබේ ඉරණම සම්පූර්ණ කිරීමටයි.
දැනුමෙන් සන්නද්ධ වන්න… එය කවදා හෝ ඔබේ ලොකුම ශක්තිය වනු ඇත. ඔබේම මාර්ගයක් නිර්මාණය කරගන්න. සුළඟට ගසාගෙන යන ඔබ ද ගසාගෙන නොයන්න. හොඳ මිතුරන් ඇතිකරගන්න, ඔබේ වචනයට ගරු කරන්න. ඔබේ ගුරුවරුන්ට ගරු කරන්න, ඔවුන්ගේ උදව් ඉල්ලන්න.
ඔබේ සිහින මතක තබා ගන්න… ඒවා කවදාවත් අතහැර දමන්න එපා. ඔබේ හැකියාවන් සහ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය කෙරෙහි විශ්වාසය තබන්න. බෙදාගන්න… සිනාසෙන්… සමාව දෙන්න. ධෛර්යය ගැන සැලකිලිමත් වන්න. සමාව ඉල්ලන්න. අලුතින් වැරැදි කළ ද පැරණි ඒවා නැවත නොකිරීමට උත්සාහ කරන්න. කෘතවේදීව ජීවත් වන්න.
ධනාත්මක වන්න. ඔබේ සොහොයුරිය සහ මම ඔබට බොහෝ ආදරය කරන්නෙමි. ඔබ සතුටින් සිටිනු දැකීමට වඩා වැඩි යමක් අවශ්‍ය නැත. සතුටින් සිටින්න. මට “ඔබේ” මව වීමට ලැබීමත් වාසනාවක්. මම ඔබ ගැන ආඩම්බර වෙමි.
මම ඔබේ ආදරණීය මා

කුසින් නොවැදුව ද ඇය සිය දියණියන්ට පණ මෙන් ආදරය කරයි. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙයි. හොඳ සිරිත්විරිත්වලින් පෝෂණය කරයි.
ව්‍යායාම කරන්නට රැගෙන යයි. විනෝද සවාරි යයි. මේ දරුවන් සෙන් වැනි මවක් ලබන්නට ද බොහෝ පින්කර ඇත. දියණියන් ද එකිනෙකාට බොහෝ ආදරය කරයි. ඇය ඔවුන්ට පවසන්නේ මේ සහෝදර සෙනෙහස කිසිදා බිඳ නොදමන ලෙසයි. මෙලෙස සිය දියණියන් හදා වඩා ගනිමින් අනෙකුත් මවුවරුන්ට ද වෙසෙස් ආදර්ශයක් සපයන නිසාම අද ආසියාවේ හොඳම තනිකඩ මව සුෂ්මිතා සෙන් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී ඇත.

අන්තර්ජාලයෙනි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!