Gossip

ආසන පටියවත් දාගන්නැතුව අධිවේගයේ ආපු නර්තන උපදේශිකාව මාරයාට බිලිවුණ හැටි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම පිවිසුම් හුවමාරුව අතර 70 වන කිලෝමීටර් කණුව අසලදී ඊයේ සිදුවුන මාරක රිය අනතුරින් කාන්තාවක් මියගියා.

ඒ රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටීමෙනුයි.

මෙම අනතුරින් මියගියේ ජාතික තරුණ සේවා සභාවේ මහරගම පුහුණු මධ්‍යස්ථානයේ නර්තන උපදේශිකාවක් ලෙස සේවය කළ පාදුක්ක වේරගල ප්‍රදේශයේ පදිංචි නදීෂා පෙරේරායි

මියයන විට හතලිස් හැවිරිදි වියේ පසුවූ ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

අනතුර සිදුවන අවස්ථාවේදී ඇය ආසන පටි පැළඳීමකින් තොරව සිටීම නිසා රථයෙන් ඉවතට විසිවී ගොස් තිබුණු අතර එම අනතුරෙන් රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!