Gossip

අවුරුදු දෙකක අනියම් ප්‍රේමය, හලාවත පොලිස් කොස්තාපල් අවසන් කළ හැටි

අනියම් බිරිදට පහර දී ඇයගේ වරලස කපා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ගැන හලාවත පැත්තෙන් වාර්තා වනවා.
මෙම කොස්තාපල්වරයාව මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.
සැකකරු විසින් තමන්ට පහරදී තමන්ගේ වරලස කපා දැමූ බවට හලාවත – අඹකදවිල පදිංචි 28 හැවිරිදි දෙදරු මව හලාවත පොලීසියට පැමිණිළි කර තිබෙනවා.
පැමිණිළිකාරියගේ සැමියා ඇයව අතහැර ගොස් ඇති බවත්,පසුව ඇය හා සැකකරු අතර වසර 02 ක පමණ කාලයක් අනියම් සම්බන්ධතාවයක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.
සිංහල අළුත් අවුරුදු සමයේ අනියම් බිරිදගේ නිවසට සැකකාර පොලිස් කොස්තාපල්වරයා පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී ඇති බවත්,එම අවස්ථාවේදී සැකකරු විසින් පැමිණිළිකාරියට පහර දී ඇති බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
පසුගිය 16 වැනිදා නැවතත් සැකකරු පැමිණිළිකාරියගේ නිවසට පැමිණ ඇය සමග බහින් බස්වීමක් ඇති කරගෙන ඇයගේ වරලස කපා දමා ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!