Gossip News

අවුරුදු දා මත්ව පියාගේ ගෙල කපා මරලා – සැකකාර පුතා අත්අඩංගුවට

අලූ‍ත් අවුරුදු දා රාත‍්‍රී අධික ලෙස බීමත්ව නිවසට පැමිණ (14දා) අලූ‍යම් කාලයේ සිය මව සමග ආරවුලක් ඇති කර ගෙන පසුව සිය පියාගේ ගෙල පිහියකින් කපා ඝාතනය කළ බව කියන විසි හතර හැවිරිදි පුත‍්‍රයෙකු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනය කොට ඇත්තේ ගල්නෑව කරුවලගස්වැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි පනස් එක් හැවිරිදි රණවක ආරච්චි කම්කානම්ලාගේ චන්ද්‍රතිලක නමැති පුද්ගලයෙකි.

එදින අලූ‍යම 3.30 ට පමණ සැකකරු විසින් මෙම ඝාතනය සිදු කොට පසුව සිය පියා විසින්ම ගෙල කපා ගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවට සැකකරු පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ඇමතුමක් ලබා දී ඇත.

ඒ අනුව ගල්නෑව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සිද්ධිය වූ නිවසට ගොස් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පුත‍්‍රයා විසින් මෙම ඝාතන සිදු කොට ඇති බවට අනාවරණය කර ගෙන ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (15) කැකිරාව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!