Gossip

අලුත බැඳපු ජනප්‍රිය ගායන ශිල්පිනී උපේඛා නිර්මාණි අලුත් කුමාරයෙක්ට ජීවිතයේ ඉඩ වෙන් කරන බව හෙළිකරයි

දෙරණ සිහින තරු මාවතේ කිරුළ හිමිකරගෙන, ඉන් පසුව ගායිකාවක ලෙස ජනප්‍රියත්වයේ කිරුළු දැරූ ඇය මීට ටික කලකට කලින් බිරිඳක ලෙස කිරුළු දරමින් පතිකුලයට පිවිසුණා.
මේ දිනවල ඇය සැරසී සිටින්නේ ගැහැනියකට ජීවිතයේ ලැබිය හැකි ඉහළම කිරුළ දරන්නයි.
එනම් මව් පදවිය ලබන්නයි. ඇය උපේඛා නිර්මාණි. මේ දිනවල විවේකී සුවයෙන් නිවසටම වී සිටින උපේඛාගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට ඇය මේ විදිහට කියලා තිබුණා.

මොන විදියටද මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ?
විවේකී සුවයෙන් තමයි කාලය ගත වෙන්නේ. තිළිණලගෙ ගෙදරයි අපේ ගෙදරයි දෙකම තියන්නේ මීගමුවේ.
කිලෝමීටර් 10ක විතර දුරක තමයි ගෙවල් දෙක තියෙන්නේ. ඒ හින්දා ගෙවල් දෙකේම ඉන්නවා. දෙගොල්ලන්ගේම ආදරය ලැබෙනවා.

කවදද අලුත් අමුත්තා ඔබේ කැඳැල්ලට එන්නේ?
තව මාස දෙකකින් විතර.

කුළුඳුල් දරුවා මෙලොව එළිය දකින්නත් කලින් මව්පියන් උනන්දු වෙන්නේ ලැබෙන්න ඉන්නේ දුවෙක්ද? පුතෙක්ද? කියලා දැනගන්න නේද?
ඒකනම් ඇත්ත. ඒත් මම නම් පුතෙක් ලැබුණත් දුවෙක් ලැබුණත් කමක් නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. තිළිණ නම් මුල ඉඳන්ම ආසාවෙන් හිටියේ පුතෙකුට.

තිළිණගේ හීනය ඉටුවෙයිද කියලා මේ වෙද්දිත් ඔය දෙන්නා දන්නවා ඇති?
ඔව්… නවීන තාක්ෂණයේ බල මහිමයෙන් ඒක දැනගන්න පුළුවන්නේ. තිළිණගේ බලා‍පොරොත්තුව ඉෂ්ට වෙනවා. අපේ කැඳැල්ලට එන්නේ පුතෙක්.

උපේඛාගේ තාත්තා ජොලි සීයා මේ රටේ ජනප්‍රිය ගායකයෙක්. සීයා කෙනෙක් වෙන්න යන එක ගැන ඔහුටත් ලොකු සතුටක් ඇති?
මගේ අක්කත් මේ දවස්වල සූදානමින් ඉන්නේ එයාලගේ කැඳැල්ලට අලුත් අමුත්තෙක් එනතුරු. තාත්තට ඉතා ඉක්මනින් මුනුපුරන් දෙන්නෙක්ම බලන්න ලැබෙයි.
හැබැයි ඉතින් තාත්තා ඉස්සරවෙලාම දකින මුනුපුරා මගේ පුතා. අක්කගේ බබාව දකින්න ලැබෙන්නේ ඊට පස්සේ.

මව් පදවියට සැරසෙන හින්දා උපේඛා දැන් සංගීත කටයුතුවලින් ඈත්වෙලාද ඉන්නේ?
ප්‍රසංග වේදිකාවට නම් යන්නේ නැහැ. අලුත් ගීතයක් නම් ළඟදී කළා. “මතකෙට අරං ඔබ සුවඳ” කියන ඒ ගීතය ලිව්වේ ගිහාන් අනුෂ්ක. සංගීතවත් කළේ හෂාන්.

රූප රචනා සහිතව අලුත් ගීතයක් කරන්න තව කාලයක් බලා ඉන්නවද?
නැහැ නැහැ… තව සති දෙකකින් විතර අලුත් ගීතයක් කරනවා. තව මාස දෙකකට විතර පස්සේ ඒ ගීතයේ රූප රචනාවත් කරනවා. ඒක ටිකක් සුවිශේෂ ගීතයක්.

මොකක්ද ඒ විශේෂත්වය?
ඒ ගීතය අපේ පුතා ගැන ලියැවුණු ගීතයක්. කලණි නදීෂා තමයි සිංදුව ලිව්වේ. සංගීතවත් කළේ චතුරංග සිල්වා.

රූප රචනාව කරන්න මාස දෙකක් කල් ගන්නේ ඇයි?
ඒ රූප රචනාවේ අපේ පුතත් ඉන්නවා. ඒ වගේම තිළිණත් ඉන්නවා. අපි තුන්දෙනාම ඉන්න අපේ පුතා ගැන කියන ගීතයක් හින්දයි ඒක විශේෂිත ගීතයක් කිව්වේ.
පුතා ඉපදුණාට පස්සේ තමයි ඒ රූප රචනාව කරන්නේ.

උපුටා ගැනීම – ආරියවංශ කුලතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!