Gossip News

අලුත්ගම නගරයේ වෙළඳසැල් 5ක් වසා දමයි – මෙන්න හේතුව

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව ඊයේ (16) දින සවස වසා දමා තිබෙන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (17) සඳහන් කරයි.

වෙළඳසැල් හතරක් සහ රේස්බුකියක මෙලෙස කොරෝනා ආසාදිත පුද්ගලයන් පස් දෙනකු හමුවීමත් සමඟ හඳුනාගත් ආසාදිත පුද්ගලයන් රෝහල්ගත කර එම වෙළෙඳ සැල්වල සේවය කළ සේවකයින් දහදෙනකු ස්වයං නිරෝධායනට ලක්කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙයට පෙරද අලුත්ගම නගරයේ වෙළඳසැල් පහක පුද්ගලයන් පස්දෙනෙකු කොවිඩ් 19 ආසාදිත වීමෙන් වෙළඳසැල් වසා දමා අවට විෂබීජහරණය කිරීමට කටයුතු කර තිබෙන බවත් මේ වන විට අලුත්ම පොලිස් වසම තුළ පමණක් කොරෝනා රෝගීන් අනූ තුන් දෙනකු වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් තිස් දෙනෙකු සුවය ලබා ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානයේ කොවිඩ් 19 පැතිරීයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!