Gossip

අරණායක බලය එක්සත් ජාතික පක්ෂයට – පොහොට්ටුව විසිවෙයි

අරණායක ප‍්‍රාදේශිය සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කේ.ඇන්ටනී නිහාල් සෙනෙවිරත්න මහතා පත්ව තිබෙනවා.

අද(26) පැවැති නවක මන්ත‍්‍රී ඡන්ද විමසිමෙන් පසුව අරණායක ප‍්‍රාදේශීය සභාවේ මංගල සභාවාරය පැවැත්වීම සිදුවූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළා.

මෙම ඡන්ද විමසීම උදෑසන 10.00 ට පමණ අරණායක ප‍්‍රාදේශිය සභා ගොඩනැගිල්ලේදී පැවැති අතර එහිදි සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වු බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කේ. ඇන්ටනී නිහාල් සෙනෙවිරත්න මහතා ඉදිරිපත්ව සිටි අතර ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වුයේ ඩබ්ලිව් ජයරත්න මහතායි.

ඒ අනුව මෙම දෙදෙනාගෙන් සභාපති පුටුව සඳහා කෙනෙකු තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වුණා.

ඡන්ද ප්‍රතිඵලය අනුව කැගල්ල – අරණායක ප‍්‍රාදේශිය සභාවට හිමි සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාව 31ක්.

පැවති මෙම ඡන්දයේදී කේ. ඇන්ටනී නිහාල් සෙනෙවිරත්න මහතා ඡන්ද 16 ක් හා ඩබ්ලිව් ජයරත්න මහතා ඡන්ද 14 ක් ලබාගෙන තිබෙනවා.

තවද උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහාද ජන්දයක් පැවැත්වුණා.

එහිදී එම ඡන්දය භාවිතා කරනු ලැබුයේ රහස් ඡන්ද ක‍්‍රමයකින් නොව සභාවට ප‍්‍රසිද්ධිය කැමැත්ත ලබා දීම මඟින් ඒ අනුව උපසභාපති ඡන්දයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ලක්සිරි චමින්ද අලූත්වත්ත මහතා ඉදිරිපත් වු අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වුයේ ශාන්ත සිරීල් කුමාර මහතාය.

ඒ අනුව එම ඡන්ද විමසීමෙදි උප සභාපති තරගයට ඉදිරිපත් වු දෙදෙනාම සමානව ඡන්ද ලබා ගැනිම නිසා කුසපත් ඇදිමකින් උපසභාපති තෝරා ගැනීමට තීන්දු වු අතර එම කුසපත් ඇදීමේදී ලක්සිරි චමින්ද අලූත්වත්ත මහතා ජය ගෙන තිබෙනවා.

මෙම ජන්ද විමසීම පැවැත්වුනේ සබරගමු පළාතේ පළාත් පාලන කොමසාරිස් වන්නිආරච්චි මහතා ඇතුළු කණ්ඩාමක් ඉදිරියේදී සමකාමී සිදුවුණාත

නමුත් මෙම ඡන්ද විමසිමේදී ජනතා විමුක්ති පෙරමුණ සභාපති හා උපසභාපති තෝරන ඡන්දය සඳහා ඡන්දය ලබා දිමෙන් වැලකි සිටි අතර ඉතිරි නවක මන්ත‍්‍රීවරුන් 30 දෙනාම මෙහිදි ඡන්දය ලබා දිම සිදු වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!