හොලිවුඩ්

අමෙරිකානු හමුදාවට ලිංගික අතවර කරලා

ලිංගික පීඩාවන් ලොව කිසිදු ශිෂ්ට සමාජයක් විසින් අනුමත කරන්නේ නෑ. යුද අපරාධ,මානව හිමිකම් උල්ලංඝණයවීම් ,ලිංගික අඬතෙට්ටම් ආදී ශිෂ්ටත්වයට එරෙහි ඕනෑම අපරාධයක් එක් අපරාධයකට වඩා උස් හෝ මිටි ලෙස සැලකිය හැකි වෙන්නේද නෑ. ලොව බොහෝ රටවල අපරාධ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අමෙරිකා එක්සත් ජනපදයේම හමුදාවට එල්ලවන ලිංගික චෝදනා  සුළුකොට තැකිය නොහැක්කේ ඒ හින්දායි.

 

ආරක්ෂක අංශවලට අදාළව ලිංගික පීඩාවන් පිළිබඳ කරුණු ඇතුළත් අලුත්ම වාර්තාව පෙන්ටගනය විසින් ඉකුත් බ්‍රහස්ප්‍රතින්දා ප්‍රකාශයට පත් කෙරුවා. එහි අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අංශයන්ට චෝදනා එල්ලවන ලිංගික පීඩා පිළිබඳ සිදුවීම් ගණනාවක් තියෙනවා. සාමාන්‍යෙයන් ලිංගික අඬතෙට්ටම්වල ගොදුරු බවට පත්වන්නේ ස්ත්‍රීන් වුවද මෙවර වාර්තාවේ විශේෂත්වය වන්නේ පීඩාවට පත්වූවන් අතිබහුතරය පිරිමින් වීමයි.

 

මේවන විට ප්‍රකාශයට පත් වාර්තාව උපුටා දක්වන අන්දමට ඉතා තීරණාත්මක ලෙස තමන්ට තනතුරෙන් ඉහළ නිලයන්ගෙන් ලිංගික අතවර සිදුව ඇති බව ආරක්ෂක අංශ සාමාජිකයින් පෙන්වාදී තියෙනවා. ඒ අනුව 2013 වසරේ ලිංගික පීඩාවන් පිළිබඳ සිදුවීම් 26,000 ක් වාර්තාවී ඇති අතර එය 2012 වසරට වඩා සංඛ්‍යාත්මක වශයෙන් බෙහෙවින් විශාල බැව් පෙන්ටගනයේ අනාවරණයයි. සමීක්ෂණයෙන් හෙළිදරව්වී ඇති අන්දමට අමෙරිකානු ආරක්ෂක හමුදාවන්ගේ ලිංගික අතවර සිදුවීම්වලට ගොදුරුවූවෝ 6.8 %ක් ස්ත්‍රීන්ද,1.2 %ක් පිරිමින්ද සිටිනවා. එහෙත් සංඛ්‍යාත්මක ලෙස සලකා බලන විට ලොව සෑම ආරක්ෂක හමුදාවක සේම අමෙරිකාවේද ස්ත්‍රීන් හා පුරුෂයන් ලෙස ගත් කළ වැඩිම පිරිසක් පිරිමින්.

 

මේ නිසා සිදුවීම් සංඛ්‍යාත්මක ලෙස විමසා බලන විට ස්ත්‍රී පාර්ශවය 12,000 ක් ලිංගික පීඩාවන්ට ගොදුරුවන විට පිරිමින් 14,000 ක් ලිංගික අතවරවලට ලක්ව ඇති බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. පෙන්ටගනයේ ලිංගික අතවර වැළැක්වීමේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විධායක උපදේශක නේට් ගල්බ්‍රීත් පවසන්නේ ලිංගික පීඩා ස්ත්‍රීන්ට එරෙහි අපරාධ ලෙස බොහෝ දෙනෙකු වරදවා වටහාගෙන සිටින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!