Gossip

අම්මාගේ සොඳුරු රුව ඔබගෙන් මෙමට පෙනේ, ඔබ පිය කෙනෙකි මට ලොකු හාමුදුරුවනේ – ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස

සමහර වචනවලට, අදහස්වලට ඇස්වල කඳුලු හොලවන්නත් හිත සොලවන්නත් පුළුවන්.
ඒ තරමටම සමහර වචන අදහස් හදවතට දැනෙනවා.
ඒ විදිහට ඡායාරූප පෙලකට ලියවුණු ලස්සන අදහසක් අපිට හමුවුණා.
පුංචි හිමිනමකට ඇතිවුණු අසනීප තත්ත්වයකට ලොකු හාමුදුරුවෝ එක්ක බෙහෙත් ගන්න යන අයුරු දැක්වෙන ඡායාරූප පෙලකට ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස නමින් මෙම ලස්සන වචන ටික ලියවී තිබුණේ මෙලෙසින්.

ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස

සෙල්ලම් පිටිය අමතක කර දුව පැනපු
අම්මත් නොමැත නිතරම මගෙ මුව සිඹපු
අවසර අරන් පියතුමගෙන් මම රැකපු
පොරවමි කසාවත සසරේ පිං කරපු

ඇගපත වෙවුලලා ගත් විට සහලේ උණ
පොඩි සිත වේදනාවන් වැඩි වී දවන
ලොකු හිමි හනික පොඩි මම තුරුලට රැගෙන
දුවගෙන ගියා විලසින් මගෙ දුක නිවන

අම්මා ළග නැතත් පුද දුන් මිහිරි සෙනේ
ඔබගේ තුරුලෙ සිටිනා විට හොදට දැනේ
අම්මගේ සොදුරු රුව ඔබගෙන් ⁣මෙමට පෙනේ
ඔබ පිය කෙනෙකි මට ලොකු හාමුදුරුවනේ

සංකල්පනාව – රිදියගම ගුණසිරි හිමි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!