Gossip

ගායක අමල් පෙරේරා ගැන තවත් හෝඩුවාවක් හෙළිවෙයි

ප්‍රභූ ඝාතන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායක අමල් පෙරේරා අතර සමීප සබඳතාවක් පැවති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට කරුණු වාර්තා කළේය.

එසේම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණ කළේ මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා සහ නාලක ද සිල්වා අතර පැවති සබඳතා පිළිබඳ ජාත්‍යන්තර පොලීසිය හරහා පරීක්ෂණ පවත්වන බවයි.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අතර සමීප සබඳතාවයක් පැවතී ඇති බවට තොරතුරු අනාවරණ වුණා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ අමල් පෙරේරා සහ නාලක සිල්වා අතර පැවති එම සබඳතා කුමන ස්වභාවයේ සබඳතාද යන්න විමර්ශනය කිරිමට ජාත්‍යන්තර පොලීසිය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මාකඳුරේ මධුෂ් සහ ගායක අමල් පෙරේරා සමඟ පසුගිය කාලයේදී නාලක ද සිල්වා සබඳතා පවත්වා ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසුවේ 2016 වසරේ ජුලි මස 21 වනදා ගායක අමල් පෙරේරා හිටපු නියෝජ පොලිස්පති නාලක සිල්වා මුණගැසීම සඳහා ඔහුගේ කාර්යාලයට පැමිණ ඇති අතර එහි සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයා කුමන කාරණයකට නාලක සිල්වා මහතා හමු වීමට යන්නේද යන්න අමල් පෙරේරාගෙන් විමසා ඇති බවයි.

ඉන් කෝපයට පත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා එම පොලිස් නිලධාරියාට එම අවස්ථාවේම විනය පරීක්ෂණයක් සිදුකර ඔහු පුහුණුවකට අනුයුක්ත කිරිම ,දඩුවම් රාජකාරි පැනවීම සහ ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කිරිම යන දඩුවම් තුන ලබා දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේ නාලක ද සිල්වා මහතා සහ ගායක අමල් පෙරේරා අතර දැඩි සබඳතාවක් තිබී ඇති බවට කරුණු අණාවරණ වන බවයි.

එමෙන්ම ඔවුන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මාකඳුරේ මධුෂ් අතර තිබූ සබඳතාවය පිළිබඳවද මේ වනවිට විමර්ශණ සිදු කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළා.

මනුෂ්‍ය ඝාතන සහ කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසකට අදාළව මෙරට පොලීසියට අවශ්‍යව සිටින මාකඳුරේ මධුෂ් සහ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් පසුගිය 04 වනදා ඩුබායිහි ජුමෙයිරා මරීනා ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන්ව මේ වනවිට බර් ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!