Gossip

අමල් පෙරේරාගෙන් විශේෂ හෙළිදරව්වක්?

පසුගියදා ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු ගායන ශීල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු 15ක පමණ පිරිසක් එළඹෙන 27 වන විට මුදා හරිනු ඇති බව ඩුබායිහි සිට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා.

අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයාට මීට පෙර මෙවැනි චෝදනා එල්ල වී නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් ලබා දෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීමට වැඩි ඉඩක් පවතින බවත්, යම් හෙයකින් මහාධිකරණයට ඉදිරිපත් කළහොත් අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයාගේ ඩුබායි ගමන් තහනම් නොකරන ලෙස ඉල්ලීමක් කිරීමට එරට නීතීඥවරුන් කිහිප දෙනෙකු පත් කර ඇති බවත් නීතීඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යයට පවසා තිබුණා.

එමෙන්ම තමන් හා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර යම් සම්බන්ධයක් ඇති බවට පැතිරෙන කටකතාවල සත්‍යතාවයක් නොමැති බවද අමල් පෙරේරා ප්‍රකාශ කළ බව නීතීඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියා.

කෙසේවෙතත් අමල් පෙරේරා ලංකාවට පැමිණි පසු විශේෂ හෙළිදරව්වක් කරනු ඇති බවටද නීතීඥවරයා කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!