Gossip

‘‘අපෝ අශෝකද මේ’’ අපිට උඹව පෙන්නන්න බෑ කියනවා. සුපර් මාර්කට් ගිය වෙලාවක ගෑනු කෙනෙක් මට හොඳටම බැන්නා. මාව දකින්නවත් කැමති නෑලූ” – දෙවැනි ඉනිමේ අශෝක අයියා

මේ දිනවල පුංචි තිරයේ වැඩිපුර බැනුම් අසන චරිතයක් මෙවර සඳැල්ලට එකතු කර ගන්න හිතුවා.

ඒ දෙවනි ඉනිමෙ ‘‘අශෝක’’ මේ නම ඇහුණු ගමන් මතක් වෙන්නේ චණ්ඩියෙක්. කවුරු අතරත් ජනප්‍රිය අශෝක අයියා එහෙමත් නැත්නම් චාමර බණ්ඩාරනායක ගැන හැමෝම වගේ කතාවෙනවා.
ඒ ඔහුගේ රංගන හැකියාව නිසා.
ඔහුගේ අලුත්ම විස්තර ගැනත් මේ චරිතය නිසා ලැබෙන ප්‍රතිචාර ගැනත් චාමර සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

මේ දවස්වල හොඳට බැනුම් අහනවා කියන්නෙ ඇත්ත ද?
අම්මෝ… ඔව්. යන යන තැන බැනුම් අහනවා.

ඒ කාටද බනින්නෙ?
මට නම් නෙමෙයි, දෙවෙනි ඉනිමෙ අශෝක අයියට තමයි බනින්නෙ.

ඇයි එතරම් ඒ චරිතය ප්‍රේක්ෂකයෝ ප‍්‍රතික්‍ෂේප කරන්නෙ?
මිනිස්සු ආදරේ කරන චරිත ටිකක් තියෙනවනෙ දෙවැනි ඉනිම නාට්‍යයේ. ඒ චරිතවලට මිනිස්සු තියෙන ආදරේ නිසා මම ඒ චරිතවලට කරන කියන දේවල් මත තමයි හැමෝම අශෝකව ප‍්‍රතික්‍ෂේප කරන්නෙ.

ඒ කියන්නෙ ලැබෙන්නෙ බැනුම් විතරමයි?
ඔව් ඉතින්, ඒකත් ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. ලොකු ප‍්‍රශ්නවලට මුහුණ දෙමින් ඉන්නවා.
කොහේ ගියත් බැනුම්. ඉවරයකුත් නෑ. මම හිතනවා කලාකාරයෙක් නළුවෙක් කියන්නෙ දෙපැත්තටම ඉවසීමක් තියෙන්න ඕනැ හොඳ, නරක, දෝශාරෝපණ හැමදේම දරාගන් පුළුවන් වෙන්න ඕනෑ.

බැනුම් එක්ක සිදුවුණු අපූරු සිදුවීම් එහෙමත් ඇති?
අම්මෝ ගොඩක්ම ඒවා තමයි තියෙන්නෙ. සොඳුරු කියලා හිතෙන අඳුරු දේවලූත් ඒ අතරෙ තියෙනවා.
මම එළියට බැස්සම යන තැන්වල දී හමුවෙන අය මට කතා කරන්නෙ ‘‘අපෝ අශෝක ද මේ’’ අපිට උඹව පෙන්නන්න බෑ කියනවා. මේ මෑතක දවසක සුපර් මාර්කට් ගිය වෙලාවක ගෑනු කෙනෙක් මට හොඳටම බැන්නා. මාව දකින්නවත් කැමති නෑ ලූ. ඉතින් ඒ හැමදේම මම නිශ්ශබ්දව අහගෙන ඉන්නවා.

ඒ ප‍්‍රතිචාර නිසා දුකක් නැද්ද?
මුලදි නම් ඇත්තටම මට අවුල්, ඒත් දැන් එහෙම නෑ. මම තේරුම් ගත්තා මිනිස්සු මට බනින්නෙ ඒ චරිතෙට සාධාරණයක් කරන නිසානෙ, ඒ නිසා දැන් ඒවා දරාගෙන ඉන්නවා.

හැමදාම බැනුම් අහ අහ ඉන්නද කල්පනාව?
එහෙමත් නෑ. මම විවිධ චරිත කළා. නමුත් මම දුෂ්ටයාගේ චරිතයට ගොඩක් කැමතියි. ලොකු ආසාවක් තියෙනවා.
ඒකට හේතුව දුෂ්ටයාගේ චරිතය ඇතුළෙ දෙයක් කරන්න තියෙනවා. බැනුම් ඇහුවත් මම අභියෝග භාරගන්න ගොඩක් කැමැතියි. මට කියන්න තියෙන්නෙ මේ චරිත රංගනයක් පමණයි කියන දේ. ඇත්තටම මම දුෂ්ට කෙනෙක් නෙමෙයි.

එහෙනම් ඇත්ත ජීවිතේ චාමර කොයි වගේද?
මම හරි අහිංසක චරිතයක්. කාටවත් වරදක් ඇති කෙනෙක් නෙමෙයි. හරි හැඟීම්බර සංවේදී කෙනෙක්.

වර්තමානයේ ‘‘අශෝක’’ වගේ චරිත දකින්න ඉන්නවනෙ. චාමරගෙ පෞද්ගලික මතය මොකක්ද මේ චරිතය ගැන?
ඇත්තටම අද සමාජයේ අශෝකලා දකින්න ඉන්නවා. පාසල් යන ළමයි වැරදිවලට පොළඹවාගෙන ඒ විදියෙ අකටයුතුකම් කරනවා.
අද සමාජයේ දකින ඇත්ත දේවල් මේ කතාවෙ යන්නෙ මේ තුළින් සමාජයට ආදර්ශයක් ලබා දෙන්න. එහි හොඳ පැත්ත තමයි ගත යුතු දේ වෙන්නෙ.

අශෝක චරිතය චාමරට ලැබෙන්නෙ කොහොමද?
මම මීට පෙර රංගන ක්ෂේත‍්‍රයේ පොඩි පොඩි චරිතවලට සම්බන්ධ වෙලා හිටියා. මියුසික් වීඩියෝවලටත් රංගනයෙන් දායක වුණා.
ඒ විදියට ටිකින් ටික ක්ෂේත‍්‍රයට එන්නෙ. ඒ එන ගමනෙදි තමයි මගෙ යාළුවා දේව් සුරේන්ද්‍රව මුණගැහෙන්නෙ. ඔහු මගෙ ළඟම හිතවතෙක්. ඔහු හරහා මට දෙවෙනි ඉනිමෙ සහය අධ්‍යක්‍ෂවරු දෙදෙනෙක් හමුවෙනවා. ඒ දෙදෙනා මුණගැහුන වෙලාවක තමයි මේ වගේ චරිතයක් තියෙනවා කරමුද කියලා ඇහුවෙ.
ඉන්පසුව තමයි සාරංග මෙන්ඩිස් අධ්‍යක්‍ෂවරයාවත් මුණගැහිලා දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නෙ.

රංගන ශිල්පියෙක් වෙන්න හීනයක් තිබුණ ද?
ඔව්, ඒ කාලෙ ඉඳන්ම නාට්‍ය හා රංගකලාව ඉගෙන ගත්තා. ඔළුවෙ තිබුණෙ කවදහරි නළුවෙක් වෙන හීනය.
ඒවත් එක්ක තමයි හිමින් හිමින් ක්ෂේත‍්‍රයේ වැඩවලට සම්බන්ධ වෙලා පොඩි පොඩි චරිත කරලා අද මේ වගේ චරිතයකින් දකින්න ඉන්නෙ.

චාමරගෙ පාසල් කාලෙට ගියොත්?
ඇත්තටම මේ නාට්‍යයෙ ඉන්නකොට මට මගේ පාසල් කාලෙ මතක් වෙනවා. ඒකාලෙ ඉතින් මාරම ජොලිනෙ.
පන්ති කට් කරනවා, පීරියඞ් කට් කරනවා. ඉස්කෝලෙන් පැනලා ගුටිකාලා තියෙනවා. ඒ වගේ දේවල් ඉතින් හරි සුන්දරයිනෙ. ඉතින් ඉස්කෝලෙ අනිත් විෂයන්වලට වඩා කලා විෂයන්වලට තමයි වැඩිපුර කැමති. ඒ හැමදේකම ප‍්‍රතිඵලයක් කියලාත් හිතෙනවා අද මේ ඉන්න තැන.

චාමර පාසල් යන කාලෙත් චණ්ඩියෙක් ද?
අනේ නෑ. ඉස්කෝලෙ යන කාලෙ චණ්ඩි නෑ. විහිළුවෙන් තහළුවෙන් හිටපු කෙනෙක් මම. අද මට හම්බවෙන ඉස්කෝලෙ යාළුවො අහනවා ඒ කාලෙ හිටපු කෙනාද මේ කියලා.

පාසල් වේදිකාවත් හුරු පුරුදුයි ද ඒ කාලෙ?
ඔව්… ඔව්… පාසල් වේදිකාවේ ලොකු දෙයක් කරලා තියෙනවා. පාසල් වේදිකාවෙ මම තැනිවම බැරි චරිතයක් වුණා. කලා උළෙලවල විවිධ උත්සව අවස්ථාවල මම පුරුදු වෙලා හිටියා යම්කිසි දෙයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ආදීන්ට සම්බන්ධ වුණා.

එතකොට දැන් රංගනය ඉගෙන ගන්නවද?
ඔව්, දැනටත් මේ වැඩ කටයුතු අතරතුර ලැබෙන හැම අවස්ථාවකම වැඩමුළුවලට සම්බන්ධ වෙනවා. ප‍්‍රවීනයන්ගෙන් ඒ ඇසුර ලබා ගන්නවා. හැමදේම ඉගෙන ගනිමින් මේ ගමන යන්නෙ.

දිගටම මේ ක්ෂේත‍්‍රයේ රැඳෙන්න ද බලාපොරොත්තුව?
මම ආසාවෙන් හිටපු තැන තමයි මේ නතරවෙලා ඉන්නෙ. මෙතැනින් ඉදිරියට යන්න ඕනැ තැන තමයි හදාගන්න ඕනැ.
නළුවෙක් වෙනව කියන එක ලේසි නෑ. ජීවිතේ ලොකු කැපකිරීමක් කරන්න ඕනෑ. මම ආසයි අභියෝග භාරගෙන මේ ක්ෂේත‍්‍රයේ ලස්සන ගමනක් යන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!