Gossip

අපේ සම්බන්ධයට අවුරුදු තුනක් වෙනවා – ගැටලු මතුවෙලා නැත්තෙමත් නෑ -ඒක ඉතින් හැමෝටම පොදු ප්‍රශ්නයක් – ළඟදි විවාහ වුණු ගායක දර්ශන ප්‍රමෝද්

ජීවිතයේ සිදුවුණු සුන්දර වෙනස තමයි මගේ විවාහය. ඉතින් අලුත් ජීවිතේ ගොඩක් හොඳින් ගෙවිලා යනවා. මේ අලුත් ගමන ඉදිරියටත් හොඳින් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇය කෞමදි මධුභාෂිණි චන්ද්‍රසිරි. එයා කලින් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කළා. දැන් නම් එයා ගුරු පත්වීම් ලැබෙන කල් බලාගෙන ඉන්නවා.

ඇයව දර්ශනට මුණගැහුණේ කොහොමද?
එයා මගේ විශ්වවිද්‍යාලයෙම මිතුරියක්. හැබැයි අපේ සම්බන්ධය පටන් ගත්තේ විශ්වවිද්‍යාලයෙන් අයින් වුණාට පස්සේ.

කොච්චර කාලයක ආදර කතාවක්ද විවාහය තෙක් දුර ගෙනාවේ?
අපේ සම්බන්ධයට අවුරුදු තුනක් වෙනවා. ඒ වසර තුන ගත කරලා තමයි අපි විවාහ වුණේ.

ඇයගේ ළඟ දර්ශනගේ හිත නැවතුණේ ඇය මොන වගේ කෙනෙක් නිසාද?
එයා ගොඩක් හොඳ කෙනෙක්. ගොඩක් හොඳ ගතිගුණ එයාට තිබ්බා. ඒකයි මම ඇයව සහකාරිය විදියට තෝරා ගත්තේ.

බිරියත් දර්ශන වගේම සංගීතයත් එක්ක බැඳුණු කෙනෙක් නේද?
ඔව්. එයත් සංගීතයට ළැදි සංගීතය ඇසුරේ ඉන්න කෙනෙක්. ඇය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කළෙත් සංගීතය.

දර්ශන කාලයක් ප්‍රසිද්ධ තලයේ වැඩවල දකින්න ලැබුණේ නැහැ. ඇයි ඒ?
ඇත්තටම පසුගිය කාලේ මම අධ්‍යාපන කටයුතුවලට යොමුවෙලා හිටපු නිසා එළිමහන් ප්‍රසංගවලට නම් සහභාගි වුණේ නැහැ. ගෘහස්ථ ප්‍රසංගවලට නම් ගියා. ඒ කාලේ වැඩිපුර පේන්න නොහිටියට නිර්මාණ නම් ගොඩක් කළා.

දැන් ඔබ ගුරුවරයෙක්?
ඔව්. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කළා. දැන් මම දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සංගීත ගුරුවරයා විදියට සේවය කරනවා.

මීට අවුරුදු දහතුනකට කලින් ලැබුණු ආදරය තාමත් ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට ලැබෙනවද?
රටේ ගොඩක් අයගේ ආදරය තාමත් ලැබෙනවා. මම කොහේ ගියත් මාව හඳුනාගෙන මාත් එක්ක කතා කරනවා. කරන වැඩ කටයුතුවලට සුබ පතනවා.

තාමත් එළිමහන් ප්‍රසංගවලට සම්බන්ධ වෙන්නේ නැද්ද?
එළිමහන් ප්‍රසංගවලට නම් සම්බන්ධ වෙනවා අඩුයි. නමුත් ගෘහස්ථ ප්‍රසංගවලට සුපුරුදු විදියට සම්බන්ධ වෙනවා.

දර්ශනගේ ප්‍රසංගයක් කළොත් නරකද?
මගේ ප්‍රසංගයක් කරන්නත් අදහසක් තියෙනවා. ඒ ගැන ඉදිරියට බලන්න ඕනේ.

ළඟදී අලුත් නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වුණාද?
ළඟදී රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ සහ අසංග රුවන් සාගරගේ ගීත දෙකකට ස්වර රචනය (melody) කළා. මම ‘වීනා නද ඇසුණා’ කියන ගීතය තමයි ළඟදී ගායනා කළේ.

දැන් තියෙන රැලි එක්ක දර්ශනගේ ගීත ප්‍රචාරය කරගන්න මාධ්‍යවලින් ගැටලු මතුවෙලා නැද්ද?
මට මාධ්‍ය සහයෝගය හැමදාම ලැබුණා. ගැටලු මතුවෙලා නැත්තෙමත් නෑ. ඒක ඉතින් හැමෝටම පොදු ප්‍රශ්නයක්. සමස්තයක් විදියට මාධ්‍යවලින් තාමත් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.

ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු?
වෙඩින් එකේ වැඩ කටයුතු නිසා පසුගිය ටිකේ වෙනත් විශේෂ දෙයක් කළේ නෑ. ඉදිරියෙදි මඟහැරුණු වැඩ, නිර්මාණ කටයුතු කරන එක පටන් ගන්නවා. මගේ සංගීත පන්ති පැවැත්වීමත් ඉදිරියෙදි ආරම්භ කරනවා. ඒ කටයුතු තමයි දැනට සැලසුම් කරගෙන තියෙන්නේ.

 

 

සටහන -තිළිණි කෞශල්‍යා විජේසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!