Gossip

“අපේ පිතිකරුවෝ දන්නේ නැහැ තරඟ ජයග්‍රහණය කරන්න” – පරාජයෙන් පසු මාලිංග පිතිකරුවන්ගේ පලු අරියි

ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඕක්ලන්ඩ් හිදී අද පැවති පන්දුවාර විස්ස තරඟය ජයගන්නට නවසීලන්තය සමත් වුණා.

ඒ විස්සයි විස්ස තරඟාවලියේ ශුරතාවයද තමන් සතුකර ගනිමින්.

ඒ අනුව නවසීලන්තය මෙම තරඟය ජය ගත්තේ ලකුණු 35කින්.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 07කට ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා.

නිමා වූ එක්දින තරඟාවලියේදී මෙන් මෙම තරඟයේදීත් නවසීලන්ත ඉනිමේ අවසන් භාගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

පන්දු 120ක් තුල ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩයම පන්දුවාර 16යි පන්දු 05ක් තුල ලකුණු 144කට දවාගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසා සිටියේ මෙවැන්නක්.

“අපි දහසය වැනි පන්දු වාරය දක්වා හොඳින් කළා. ලකුණු 180 කියන්නේ මෙම ක්‍රීඩාංගනයේ ලබාගත හැකි ලකුණු සංඛ්‍යාවක්.මම හිතන්නේ අපේ පිතිකරුවෝ දන්නේ නැහැ තරඟ ජයග්‍රහණය කරන්න.ඒ නිසා තමයි අපි තරඟ පරාජය වන්නේ.එක් එක් තත්වයන් තුල වෙනස්වීම් කරන්න තමයි අපි හැමවෙලේම කතාවෙන්නේ.අද ඒ දේ පන්දු යවන්නන් හොඳට කළා.අපි තේරුම් ගන්න ඕන තරඟ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා සහ කණ්ඩයමක් පෙළගස්සවා ගන්නේ කොහොමද කියලා.නමුත් ඒ දේ බොහෝ අවස්ථාවල පැහැදිලි නැහැ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!