Gossip

අපේ දේ අගය නැති අපේ රටේ මිනිස්සුන්ට අපූරු පාඩමක් කියාදුන් ප්‍රංශ ජාතික තරුණයා – Photos

අද සමාජය දිහා බැලුවම හුඟ දෙනෙක් පරිසරයට ආදරේ කරන්නේ නැහැ.
ලෝකයේ තියෙන සුන්දරම රටවල්වලින් එකක්වුණු අපේ රටට පිටරට මිනිස්සු ගොඩක් කැමති වගේම ගොඩක් ආදරේ කරනවා.
ඒ නිසාමයි ලංකාවට විදෙස් සංචාරකයින් නිතරම වගේ එන්නේ.
ඒත් අපේ රටේ අයගේ වැඩ නිසා ලංකාවේ සුන්දරත්වය විනාශ වෙමින් පවතිනවා.
කැළි කසළ තැන තැන දාන එක අපේ අයගේ පුරුද්දක් වෙලා.
ඒ නිසා සුන්දර තැන් බොහොමයක්ම අද විනාශ වෙලා.
ඒ විදිහට විනාශ වෙන තවත් එක් සුන්දර ස්ථානයක් වන ගාලු කොටුවේ අපූරු සිදුවීමක් ගැන අපිට වාර්තා වුණා.
ඒ තමයි විදෙස් තරුණයෙකු ගාලු කොටුවේ වැටිලා තිබෙන කුණු ඇහිදින සිද්ධියක්.
මේ ගැන අපේ රටේ තරුණයෙක් ඔහු ලගට ගොස් ඒ ගැන විමසන විට ප්‍රංශ ජාතික තරුණය මෙලෙස පිළිතුරු ලබාදී තිබුණා.
“ශ්‍රී ලංකාව කියන්නේ ඉතා අලංකාර ලස්සන රටක්. ඉතින් මන් කැමති මේ රට පිරිසිදුව ලස්සනට තියනවට “
අපේ දේ ගැන අගයක් නැති මිනිස්සුන්ට මේ ප්‍රංශ ජාතික තරුණයා සැපයුවේ අපූරු ආදර්ශයක්.

ප්‍රංශ ජාතික තරුණයා සිදු කළ අපූරු ක්‍රියාවේ ඡායාරූප කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!