Gossip

“අපි විවාහ වුණේ නැහැ. මට ආසාවක් තිබ්බා ළමයෙක් හදන්න.නීතිමය ප්‍රශ්නයක් ආවොත් අපි කසාද බඳිනවා”

දසුන් පතිරණ ගැන පසුගිය දවස් ටිකේම විවිධ පුවත් මැවුනා.
ඒකට හේතුව තමයි දසුන්ගේ බිරිඳ මව්පදවිය ලබන්න ඉන්නවා කියන කතාවත් එක්ක.
ඒ ගැම ප්‍රශ්නයකටම උත්තර දසුන් මේ විදිහට දීලා තිබුණේ සතිඅන්ත පුවත්පතකට.

ඇත්තද තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන්නේ?
ඔව්, ඒ කතාව ඇත්ත.

මුලින්ම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා ආරංචිය ලැබුණාම මොකද හිතුණේ?
මට ආසාවක් තිබ්බා ළමයෙක් හදන්න. ඒ වගේම තාත්තා කෙනෙක්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.

ඒ නිසා මට ආසාවක්, ආදරයක් හිතුණා මමත් තාත්තා කෙනෙක් වෙන්න ඕන කියලා. සැලසුම් කරලා තමයි අපි බබෙක්ව හදන්න තීරණය කළේ.

අලුත් අමුත්තෙක් පවුලට එකතු වෙන නිසා දසුන් කාර්යබහුල ඇති?
එහෙම ලොකුවට කාර්යබහුල නැහැ. තියෙන වැඩ ටිකක් කරගෙන යනවා.

ඇයි හොර රහසේ විවාහ වුණේ?
මෙහෙමයි, අපි විවාහ වුණේ නැහැ. මගේ ජීවිතේ විවාහ මංගල උත්සව නැහැ. මම හිතන විදිහට කොළයේ අත්සන් කරන්න වෙන්නේ නීතිමය ප්‍රශ්නත් එක්ක.

ඒක එක ලියවිල්ලක් විතරයි. මම හිතන්නේ අපි අවුරුදු පනහක් හැටක් ගිහිල්ලා විවාහ උත්සවයක් ගන්න ඕන කියලා.

එහෙම ආසාවක් මට තියෙනවා. නීතිමය ප්‍රශ්නයක් ආවොත් අපි කසාද බඳිනවා.

දසුන් කැමති දුවෙක්ටද? පුතෙක්ටද?
දුවෙක්ට තමයි වැඩිපුර කැමති.

තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන දේ ලොකු වගකීමක්. කොහොමද ඒ වගකීම ඔබට දැනෙන්නේ?
මම දන්නවා මට හොඳ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් කියලා.

ඒක ලොකු වගකීමක්. ළමයා වෙනුවෙන් කළ යුතු යුතුකම් වගකීම් තියෙනවා. ඒ දේ මම කරනවා.

ජීවිතේට දැන් ලැබිලා ඉන්න සහකාරිය ගැන මොකද හිතෙන්නේ?
මම මෙයාව මගේ ජීවිතේට ළංකර ගත්තේ මගේ ළමයගේ අම්මා වෙන්න සුදුසු කෙනා ඇය නිසයි.

එයා තමයි මට හරියන කෙනා.

කොහොමද ඇයව මුණගැහෙන්නේ
ෆේස්බුක් එකෙන්. ඇය ඉන්නේ ස්වීඩන්වල. අපි නිතර කතාබහ කළා, හමුවුණා.

ඇගේ වැඩවලට මොන වගේ සහයෝගයක්ද දෙන්නේ?
කිසි සහයෝගයක් නැහැ. ඒ වැඩ ගැන දන්නේ නැති නිසා. එයා මගේ වැඩවලට සහයෝගය දෙනවා.

බබා ලැබුණට පස්සේ විදේශගත වෙන්න අදහසක් තියෙනවාද?
එහෙම අදහසක් නැහැ. නළුවෙක් විදිහට ජීවත් වෙන්න බැරිවුණොත් යනවා.

තමන්ගේ ජීවිතේට එකතුවන අලුත් අමුත්තා ගැන හීන දසුන්ටත් ඇති?
එයා කැමති දේ එයා කරයි.

ජීවිතේ ඉටුකර ගන්න හීන තියෙනවාද?
නිතරම හීන තියෙනවා. හීන නැතුව ජීවත් වෙන්න බැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!