Gossip

අපි දෙන්නම බොහොම නිහඩ චරිතනෙ. කාටවත් වරදක් නෑ. හොඳින් සතුටින් ජීවිතේ ගෙවනවා – ෂෙරිල් ඩෙකර්

ෂෙරිල් ඩෙකර්ව අලූතෙන් හඳුන්වා දෙන්න ඕන නැහැනෙ. හැබැයි වැඩිය දකින්න ලැබෙන්නෙ නැත්තෙ ඇයි කියල ගොඩක් දෙනෙකුට පොඩි ප‍්‍රශ්නෙකුත් තියෙනවා. අපි බලමු ඇය එක්ක කතා කරලා..

 ෂෙරිල් මොකද සද්දයක් නැත්තෙ?

මුකුත් වැඩක් කරන්නෙ නෑ මේ දවස්වල. ගෙදරට වෙලා ඉන්නවා.

 කාලෙකින් දකින්න ලැබුණෙ නෑ?

එක ටෙලි නාට්‍යයක් කළා. මම අවුරුද්දකට එකක් හෝ දෙකක් තමයි ටෙලි නාට්‍ය බාරගන්නෙ. ඒ නිසා වෙන්න ඇති අඩුවෙන් දකින්න ලැබෙන්නෙ.

 නිතර දකිනවට අකමැතිද?

මෙහෙමයි… හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නව හැරෙන්න මම කැමති නැහැ ලැබෙන හැම චරිතයක්ම භාරගන්න. ඒ නිසා හොඳයි කියල හිතෙන දේ විතරක් තෝරාගන්නවා.

 ජනප‍්‍රියත්වය දැනෙන්නෙ කොහොමද?

මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්නෙ. ඒ විදිහට මම ගොඩක් කැමතියි. වැඩිය හැමතැනකම දකින්න නැති වුණත් මට ලැබෙන ජනප‍්‍රියත්වය ගැන එදා වගේම අදත් සතුටුයි.

 නිදහසට මේ තරම් ආදරේ කරන්නෙ ඇයි?

මං හිතන්නෙ නිදහස මනුස්සයකුට තියෙන්නම ඕන දෙයක්. තමන්ගෙ නිදහස තමන්ට නැති වුණොත් හැමදේම අවුල් වෙන්න පුළුවන්නෙ.

 ක්‍ෂේත‍්‍රය අද මොන වගේ තැනකද?

ඇත්තටම මේ වෙනකොට කලා ක්‍ෂෙත‍්‍රය තුළ හොඳ නිර්මාණ බිහිවෙනවා. වරදක් කියන්න බැහැ.

 රුවන් එක්ක ගෙවන ජීවිතේ?

අපි දෙන්නම බොහොම නිහඩ චරිතනෙ. කාටවත් වරදක් නෑ. හොඳින් සතුටින් ජීවිතේ ගෙවනවා.

 ෂෙරිල්ට හොඳට උයන්න පුළුවන්ලූ?

ඔව්… ඔව්… මට තේරෙන වයසෙ ඉඳන්ම හොඳට උයන්න පුළුවන්. රුවනුත් කැමතියි මගේ අතින් හදල දෙන කෑම කන්න.

මොනවද මේ දවස්වල වැඩකටයුතු?

රටේ තියෙන තත්ත්වයත් එක්ක රුවන්ගෙ පැත්තෙන් කෙරුණ වැඩකටයුතු ගොඩක්ම නතර වෙලා. සංගීත සංදර්ශන කොහොමටවත් පැවැත්වෙන්නෙ නෑ. ඉතින් මේ දවස්වල අන්තර්ජාලය හරහා සංගීත පංතියක් කරගෙන යනවා.

ඔබ කැමති චරිතයක් තියෙනවද?

පේ‍්‍රක්‍ෂකයොනම් ගොඩක් කැමතියි මම ගැමි චරිතයක් කරනවට. ගොඩක් දෙනෙක් එහෙම ඉල්ලීම් පවා කරල තියෙනවා. නමුත් මම කැමති එකම රාමුවකට කොටු වෙන්නෙ නැතිව විවිධ චරිත කරන්න.

 සිනමාවට ලැබුණ ආරාධනා?

ඔව්. සිනමාවට ආරාධනා කිහිපයක්ම ලැබිල තියෙනවා. තවම  තෝරාගැනීමක් කරල නැහැ. බලමු ඉදිරියේදි.

නර්ථනය පැත්තෙන් මොනවද කෙරෙන්නෙ?

නර්ථනය නිසයි මම අද මෙතන ඉන්නෙ. ඉතින් ඒකනම් අතහරින්නෙ නෑ. ඒවගේම නර්ථන පන්ති කරන්න නම් මගේ අදහසක් නෑ. මොකද මම රූපලාවන්‍ය පැත්තෙන් කටයුතු කරන නිසා. හැමදේම සමබරව කරගෙන යන්න ඕනනෙ. ඉදිරියෙදි අවස්ථාව ලැබෙන හැටියට හොඳ දෙයක්, ලස්සන දෙයක් කරන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!