Gossip

“අනේ එපා අනේ… අම්මගේ වස්තුව..අනේ සිහිකල්පනාව තිබ්බා හොඳට” – දිවි පිදූ පොලිස් සැරයන් මාතරම හඬවා අවසන් ගමන් ගිය හැටි – වීඩියෝ

මාතර ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලකෑමේ සිද්ධියේදී දිවි පිදූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.

මේ අතර පසුගිය (23) අත්අඩංගුවට ගැණුනු කොස්ගොඩ තාරකගේ මව වන ජානකී ප්‍රියන්ති සොයිසා නැමැත්තිය ලබන මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා..

මාතර ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර එම අලෙවිසල ඉදිරිපිට වෙඩිහුවමාරුවක් සිදු වූ අතර ඊට අදාළව ආරක්ෂිත කැමරාවල සටහන් වූ තවත් දර්ශන ඊයේ මාධ්‍ය වෙත නිකුත් වී තිබිණි.

මේ අතර මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන වේයන්ගොඩ පදිංචි තලුක්කුවේ කම්කානම්ගේ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා සිදුවීමෙන් පැය කිහිපයක් ඇතුළත හුණුකොටුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත්තේය.

පසුව ඔහු පොලිස් වෙඩි පහරකින් මියගියේ කොල්ලකෑමට යොදාගත් ඇඳුම් බෑගයක් පෙන්වීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරින් වෙත අත්බෝම්බයක් එල්ල කිරීමට උත්සහ කිරීමත් සමගයි.

මෙලෙස මියගිය චාමර ඉන්ද්‍රජිත් නමැත්තා අපරාධ රැසකට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයමින් සිටි අයෙකු වන අතර නඩු රැසක විත්තිකරුවකු ද වේ.

මේ අතර කොල්ලකෑමට පැමිණ පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ සෙසු සැකකරුවන් තිදෙනා තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් ජූලි 02වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේය.

ඒ අතර කොස්ගොඩ පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක,ඔහුගේ සහෝදරයා වන මධුක නිර්මාල් පෙරේරා සහ දුටුවැව පදිංචි අතුල කිත්සිරි කුමාර යන අය සිටියි.

මේ අතරින් කොස්ගොඩ තාරක නමැත්තා ද අපරාධ රැසකට පොලීසියට අවශ්‍යව සිටි පාතාල ක්‍රියාකාරිකයෙකි.

මේ අතර කොල්ලකෑමට උපයෝගී කරගත් එක් යතුරුපැදියක් කොස්ගොඩ තාරකගේ මව වන ජානකී ප්‍රියන්ති සොයිසාගේ නමින් ලියාපදිංචි කර තිබූ අතර ඇයව ද කොස්ගොඩ පොලිසීය මගින් ඊයේ අත්අඩංගුවට ගැණිනි.

අත්අඩංගුවට ගත් කාන්තාව ඊයේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!