Gossip News

අනියම් පෙමක් නිසා 12 හැවිරිදි දරුවාට ඇසිඩ් ගැසූ සැකකරු අත්අඩංගුවට

දොළොස් හැවිරිදි පිරිමි දරුවකුට ඇසිඞ් ගසා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු වසරකුත් මාස 09කට පසු හික්කඩුව වැල්ලවත්ත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.

2019.03.15 වැනිදා හික්කඩුව පොලිස් බල ප‍්‍රදේශයට අයත් පන්නන්ගොඩ ප‍්‍රදේශයේ දී මෙම ඇසිඞ් ප‍්‍රහාරය එල්ලවී ඇති බව පොලිසිය පවසයි. අනියම් සම්බන්ධතා සිද්ධියකට මෙසේ ඇසිඞ් ගසා ඇති අතර එය මෙම පිරිමි දරුවාට වැදී ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වියේ පසුවන අයෙකි. මෙකී ඇසිඞ් ප‍්‍රහාරයට තවත් සැකකරුවකු සම්බන්ධ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම සැකකරු ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!