Gossip

අන්තර්ජාලයේ පලකරන වෙළඳ දැන්වීම් බලා ජංගම දුරකථන මිලට ගන්න ඇවිත් රට වටේම ගේම් ගහපු තරුණයෙක් කටුනායක පොලිසිය මට්ටු කරයි 

අන්තර්ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවි වෙළෙඳ දැන්වීම් බලා , ඒවා මිලදී ගැනීමට පැමිණ , ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ ජනිත් කෂාන් පොත්තේවෙල නම් අයෙක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
21 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර පසුව කොළඹ , නුගේගොඩ ප්‍රදේශවලද පදිංචිව සිට ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
තවද මොහු විවාහයන් දෙකක්ද සිදු කර ගත් අයෙකු බව පොලීසිය සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබෙනවා.
මොහු මුලින්ම අන්තර් ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවිය පිළිබඳව ඇති දැන්වීම් වල ඇති හිමිකරුවන්ට කථා කර , පසුව ඔවුන් වෙත පැමිණ අදාළ දුරකථන පරීක්ෂා කර, එම අයිතිකරුවන් සමග මිල ගනන් වලට එකග වේ.
ඉන්පසු ඔහු එම දුරකථනය අයිතිකරුගේ බැංකු ගිණුම් අංකය ලබා ගෙන , ඔහු තම ජංගම දුරකථනය ඔස්සේ ඔහුගේ බැංකු ගිණුමෙන් අදාළ මුදල මෙම දුරකථන හිමිකරුගේ ගිණුමට මාරු වූ බවට බැංකුවෙන් නිකුත් කළ බව හැගවෙන ව්‍යාජ බැංකු නිවේදනයක් පෙන්වා , එම දුරකථනය රැගෙන පළාගොස් තිබෙනවා.
පසුව එම දුරකථන හිමිකරුවන් තම බැංකුවෙන් මෙම ගණුදෙනුව පිළිබඳව විමසීම් සිදු කිරීමේ දී , එවැනි මුදල් හුවමාරුවක් සිදු වී නොමැති බව වාර්තා වීමෙන් පසු , ඒ පිළිබඳව මෙම තරුණයාට දැන් වූ විට , අන්තර් ජාලයේ පමා වීමක් මත මෙය සිදු වී ඇති බවත් , එය තව මද වේලාවකින් නිවැරැදි වන බවත් ඔහු ප්‍රකාශ කරන බවට කරුණු අනාවරණය වී තිබේ .
මේ අයුරින් ඔහු කළ වංචාවන් රාශියක් පිළිබඳව දෙහිවල , පානදුර , ගල්කිස්ස , මිරිහාන සහ කටුනායක ඇතුළු පොලීසි ගණනාවකට පැමිණිලි ලැබී තිබෙනවා.
ඒ අනුව එවැනි දැන්වීමක් පළකර ඇති කටුනායක ගුවන් තොටුපළ පොලීසිය , මෙම තරුණයා මෙම ජංගම දුරකථනය ලබා ගැනීමට කටුනායක ප්‍රදේශයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
මෙම තරුණයා සමග මෙම වංචාවට සම්බන්ධ තවත් තරුණයක් කිහිප දෙනෙකු පිළිබඳවද තොරතුරු ලැබී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
අත්අඩංගුවට ගත් මෙම තරුණයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!