Gossip News

අනතුරකට පත්වු 23හැවිරිදි විවාහක තරුණියව රෝහලට රැගෙන යන මුවාවෙන් ත්‍රීරෝද රථ රියදුරු අතවර කරලා

රිරෝද රථයක ගැටී අනතුරට පත් වූ 23 හැවිරිදි තිදරු මවකට පිහිටවන මුවාවෙන් රැගෙන ගොස් කළුතර දකුණ කොලනිය ප්‍රදේශයේ වෙල්යායක් අසලදී මන්නයක් පෙන්වා මරණීය තර්ජනය කර අතවර කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව කළුතර-උතුර පොලීසිය කියයි. කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර වාද්දුව ප්‍රදේශයේ ආයතනයක සේවය කරන  මෙම කාන්තාව ඉකුත් 27 වැනිදා රාත්‍රී සේවය නිමවා ත්‍රිරෝද රථයකින් කළුතර  උතුර නාගස් හංදියට පැමිණ ඉන් බැස ඇතැයි පොලිසිය කියයි.  අසළ වූ කුකුළු මස් වෙළෙඳ සලකට ගිය කාන්තාව මස් රැගෙන නිවෙස කරා පයින් යමින් සිටිය දී ත්‍රිරෝද රථයක් ඇඟෙහි ගැටී ඇති අතර එම අනතුරින් ඇය බිම වැටී තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි. ත්‍රිරෝද රථය අනතුරින් පසු පලා ගොස් ඇති අතර බිම වැටී සිටි කාන්තාව අසල තිබූ තාප්පයක වාරුවෙන් අමාරුවෙන් නැගිටින අයුරු දුටු  යතුරුපැදියක ගමන්ගත්  දෙදෙනකු එම ස්ථානයේ  නවතා ඇයට රෝහල්ගත වන ලෙස දැනුම් දී තිබු බව  පොලිසිය කියයි.

එම අවස්ථාවේදී අසල වෙළෙඳසලක් ඉදිරිපිට සිටි සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු වහා ඉදිරිපත් වී ඇය නාගස්  හංදිය ප්‍රදේශයේ පෞද්ගලික  බෙහෙත් සාප්පුවක් වෙත රැගෙන ගොස් ඇති අතර ඇය පරීක්ෂා කළ එහි  වෛද්‍යවරයා ඇයට නාගොඩ රෝහලට ඇතුළත් වන ලෙස උපදෙස් ලබා දී ඇත.
අනතුරුව ත්‍රිරෝද රථ රියැදුරු ඇය නාගොඩ රෝහල කරා රැගෙන ගොස් ඇති අතර බාහිර රෝගී අංශය වෙත  යොමු කළ ඇයට රෝහලට ඇතුළත් වෙන ලෙස උපදෙස් දී ඇත. නිවෙසේ කුඩා දරුවන් සිටින හෙයින්  ඇය එයට අකැමැත්ත ප්‍රකාශ කර තම නිවෙසට ඇරලවන ලෙස ත්‍රිරෝද රථ රියදුරුට පවසා ඇත.  ඒ අතරතුර එම කාන්තාව ස්වාමිපුරුෂයාට මේ බව දන්වා කළුතර ප්‍රදේශයේ පාසලක් අසලට පැමිණ සිටින ලෙස දන්වා රෝහලින් පිට වී ත්‍රිරෝද රථයකින් එම   ස්ථානයට පැමිණෙන බව දැනුම් දී ඇත.

රෝහලින් පිට වූ ත්‍රිරෝද රථය, සැමියා සිටින දෙසට නොව වෙනත් දිශාවකට ගමන් කරන අයුරු දුටු එම කාන්තාව ඒ පිළිබඳව ත්‍රිරෝද රථ රියැදුරු ගෙන් විමසීමේදී ඇගේ ජංගම දුරකථනයට ඉල්ලාගත් සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු ඇයගේ  සැමියාට කතාකර එම  ස්ථානයට වී සිටින ලෙස දැනුම් දී ඇත. කාන්තාවගේ සැමියා ඉන්න ස්ථානයට ඉතාම ළග බව පවසා පැයකට අධික කාලයක් අතුරු මාර්ග ඔස්සේ ගමන් ගත් මෙම සැකකාර ත්‍රීරෝද රථ රියැදුරු කළුතර  දකුණ කොලණිය ප්‍රදේශයේ පාළු වෙල්යායක් අසල ත්‍රිරෝද රථය නවතා මන්නයක් අතට ගෙන ඇය දෙසට එල්ල කර මරණීය තර්ජන කර ඇයට බලපෑම් කර අතවරය සිදු කර තිබේ.

බියට පත්වූ කාන්තාව ඔහුගේ නියෝගයට අවනත වී ඇති අතර ඇයට විරෝධය පෑවත් උදව්වට කිසිවෙකු ළඟපාතක නැති බව වැටහී ඇත.
අතවරයෙන් අනතුරුව එම කාන්තාව එම ස්ථානයේම අතැර දමා ඇයගේ ජංගම දුරකතනය ද රැගෙන සැකකරු ත්‍රී රෝද රථයෙන් අඳුරේම පලාගොස් ඇති බව පොලිසිය හමුවේ ඇය ප්‍රකාශ කර තිබේ.
කාන්තාව දැඩි අඳුර මධ්‍යයේ ඇවිදගෙන පැමිණ  මඳක් ඈතින් තිබූ වෙළඳ සලක් අසලට ගොස් එහි සිටි කාන්තාවට ඇයට සිදු වූ අනපේක්ෂිත කරදරය පැවසීමෙන් අනතුරුව එම කාන්තාව අතවරයට පත් වූ  බව කියන කාන්තාවගේ සැමියාට ඒ බව දක්වා ඔහු එම ස්ථානයට ගෙන්වාගෙන ඇය බාර දී ඇතැයි අනාවරණය වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!