Gossip News

අද සිට වැට් 8% කින් අඩුවීමෙන් – තොග හා සුපිරි වෙළෙඳසැල්වල භාණ්ඩ මිල පහළට

රජය විසින් අඩුකළ වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද නිසා අද (01 වැනිදා) සිට සිල්ලර තොග සහ සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කරනු ලබන සියලුම අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩවල මිල අඩුවිය යුතු බව හතරවන හරස් වීදියේ තොග වෙළෙඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු පැවසීය.

මෙතෙක් භාණ්ඩ හා සේවා සඳහා පැවැති ජාතිය ගොඩනැගීමේ බද්ද වූ සියයට දෙකක හා වැට් බද්ද සියයට 15 යන බදු දෙකම එකතු කළ සියයට 17 බද්ද ගළපා එය සියයට අට දක්වා අඩු කිරීමට නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදීම තීරණය කෙරිණි.

ආනයනකරුවන්ට අඩු කළ බදුවලින් බලපෑමක් ඇති නොවීම නිසා සිය ව්‍යාපාරිකයන්ට එහි වැදගත්කමක් නොමැති බව හේමක ප්‍රනාන්දු පැවසීය.

කෙසේ වෙතත් සුපිරි හා තොග වෙළෙඳසැල්වල දෛනිකව රුපියල් මිලියනයකට වැඩි ආදායමක් ඇති නිසා ඊට වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු සියයට 17 ක් අය කළ අතර එය සියයට අටකින් අඩු කිරීම නිසා භාණ්ඩවල මිල පහළ යනු ඇත. මෙම තත්ත්වය නිසා සිල්ලර වෙළෙඳසැල්වල අලෙවි කරනු ලබන භාණ්ඩවල මිලද පහළ යා යුතු බවද ඒ මහතා සඳහන් කළේ ය.

ඊට අමතරව සේවා බද්ද මේ නිසා අඩුවීමෙන් සේවා ගාස්තු ද අඩු වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර යාපාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉදිරි දිනවලදී සුපිරි වෙළෙඳසැල් හිමියන් සමග සාකච්ඡා කර භාණ්ඩ මිල අඩු කළ හැකි ක්‍රමවේදයක් සකසන බවයි. කෙසේ වෙතත් භාණ්ඩවල මිල ඉහළ යෑමක් ඉදිරි කාලයේදී සිදු නොවන බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!