Gossip

“අද දුප්පතා හෙට ධනවතෙකු විය හැක. කිසිම පුද්ගලයෙකු පහත් කොට සලකන්න එපා” – කියවන්න මේ කතාව

මේ ජීවිත ගමනේ අපූරු සිදුවීම්වලට අපිට මුහුණ දෙන්න වෙනවා.
ඒ වගේම ප්‍රශ්නවලදි අසරණ වෙන්නත් වෙනවා.
අද වැටුණු මිනිස්සු හෙට නැගිටිනවා.. ඒ වගේම අද පොහොසත්තු හෙට දුප්පතෙකු වෙනවා.
මේ විදිහට වෙනස් වෙන අරුම පුදුම ජීවිතේ, ලොකු ආදර්ශයක් සපයාගන්න පුළුවන් අපූරු කතාවක් අපි ඔබට ගෙන එන්න හිතුවා..
කියවලම බලන්නකෝ මේ කතාව…

එක් වීදියක කුඩා දරුවකු (වයස අවුරුදු 8ක් පමණ ) සිය ආච්චි අම්මා සමග ඉතා දුක්ඛිත ලෙස මහ මග ජීවිතය ගත කළා.
එක් දිනක් සුපුරුදු පරිදි මේ කුඩා දරුවා මාර්ගය දිගේ ඉදිරියට ඇදුණා. අධික හිරු රැස් හේතුවෙන් දැඩි පිපාසයක් ඔහුට ඇති වුණා.
කිලිටු වූ ඇදුමින් ඔහු වතුර වීදුරුවක් ඉල්ලා ගැනීමට අසළ වූ නිවසක් වෙත ඇදුණා. ඔහු දොරට තට්ටු කළා.
“නෝනා නෝනා මට හරිම තිබහයි. වතුර වීදුරුවක් දෙනවද” ඔහු දොර විවෘත කළ කාන්තාවගෙන් එසේ විමසුවා. ඇය එක් වරම “වතුර.. උඹලට දෙන්න වතුර මෙහෙ නෑ. හිගා කන්න උඹලට ලැජ්ජ නැද්ද” යනුවෙන් පවසා මේ කුඩා දරුවාට බැණ වැදුණා.
ඉන් අනතුරුව ඔහු එතනින් නික්ම තවත් නිවසක් වෙත ඇදුණා. ඔහු දුටු විගසම ඒ නිවසෙහි දොර වැසුණා. දැඩි දුකකින් ඔහු ඒ නිවසිනුත් පිට වුණා.
ටික දුර එන විට ඔහුට තවත් නිවසක් මුණ ගැහුණා. බියෙන් හා දුකෙන් ඔහු එම නිවසේ දොරට ද තට්ටු කළා.
මොහොතකින් දොර විවෘත වුණා. ඒ සමගම “ඇයි පුතා” යනුවෙන් (වයස අවුරුදු 35ක් පමණ) වූ නිවසේ හිමිකාරිය මේ කුඩා දරුවාගෙන් විමසුවා. “නෝනා මට හරි තිබහයි. වතුර උගුරක් දෙන්න පුලුවන්ද” යනුවෙන් එම කාන්තාවගෙන් සානුකම්පිත දෑසින් යුතුව ඉල්ලීමක් කළා.
“පොඩ්ඩක් ඉන්න පුතා. මෙතනින් ඉදගෙන ඉන්න. මං ගේන්නම්” යනුවෙන් පවසා ඈ ගේ ඇතුළට වුණා.
විනාඩි තුන හතරක ට පමණ පසු ඇය ලොකු කිරි වීදුරුවක් මේ කුඩා දරුවාට ගෙනත් දුන්නා.
ඉතා සතුටින් යුතුව ඔහු එක උගුරට කිරි කෝප්පයම පානය කළා. ඉන්පසු එම කාන්තාව “දැන් හවස් වී ගෙන එන්නෙ. පුතා කොහෙවත් යන්නෙ නැතුව ගෙදරට යන්නැයි” ඔහුට අවවාද කළා. හිතේ දැඩි ලෙස එම කාන්තාව චිත්‍රණය කර ඔහු එතනින් නික්මුණා.
කාලය වේගයෙන් ගෙවී ගියා.
වසර 21 කට පසු ඒ කියන්නේ දැන් මේ දරුවාට අවුරුදු 29. කාන්තාවට 56.
දරුණු රෝගාබාධයකට මේ කාන්තාව ලක් වුණා. ඇය පෞද්ගලික රෝහලකට ඇතුල් වුණා. ඇතුල් වීමට ප්‍රථම ඇය සිය ඉඩ කඩම් රත්රන් ආභරණ සියල්ල උකසට තබා ඇගේ බැංකු ගිණුම් වල මුදල් ද සහිතව රුපියල් ලක්ෂ 40 ක් හොයා ගත්තා.
ශල්‍යකර්මයක ට ඇය භාජනය වුණා. සාර්ථකව එම ශල්‍යකර්මය අවසන් වුණා. නමුත් රෝහලේ ගාස්තුව රුපියල් ලක්ෂ 50 ක් බව ඇයට දැන ගැනීමට ලැබුණා. ඈ සතුව ඇත්තේ රුපියල් ලක්ෂ 40 ක් පමණයි. ඇය දස අතේ කල්පනා කරමින් බිල ගෙවන ස්ථානය වෙත ඇදුණා.
ඇය තම අත තිබූ රුපියල් ලක්ෂ 40 බිල ගෙවන ස්ථානයට යොමු කරන මොහොතේම “ආ නෝනා… දොස්තර මහත්තයා කිව්වා නෝනගෙන් සල්ලි ගන්න එපා කියලා” කාන්තාවට මේ සිදුවීම අදහගන්න බැරි වුණා.
ඒ මොහොතේම උස රූමත් තරුණයෙකු ඈ ඉදිරියට පැමිණියා. “අම්මට මාව අදුනගන්න පුලුවන් ද” තරුණයා විමසුවා. “අනේ බෑ මහත්තයෝ. කවුද ඔය මහත්තයා” කාන්තාව පිළිතුරු දෙමින් ප්‍රශ්නයක් ඇසුවා. එවිට මේ තරුණයා නැතිනම් දොස්තර මහතා..
“මීට අවුරුදු ගාණකට කලින් අම්මට මතකද හිගන ළමයෙක් අම්මගෙන් වතුර කෝප්පයක් ඉල්ලුවා.
ඔය අම්මා මට කිරි කෝප්පයක් හදලා ගෙනත් දුන්නා. ඒක බීලා මම මගේ පිපාසයයි බඩගින්නයි දෙකම නිවා ගත්තා. ඒ හිගන ළමයා තමයි අම්මේ මං. මේ පෞද්ගලික රෝහල මගේ”
කාන්තාව ඇගේ සාරි පොටෙන් සිය දෙනෙත් වලට නැගි කදුලු බිදු පිස දමා ගත්තා

මතක තියා ගන්න:
1. අද දුප්පතා හෙට ධනවතෙකු විය හැක. කිසිම පුද්ගලයෙකු පහත් කොට සලකන්න එපා.
2. අසරණයෙකුට උදව් කරන්න දෙපාරක් හිතන්න එපා. එහෙම මිනිසුන්ට හැමෝගෙන්ම උදව් උපකාර ලැබෙනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!