Gossip

අතුරුදන් වු දැරියක් නිවසට සැතපුම් 25ක් දුර ගල්ගුහාවක – ඔත්තුව දේවාලයකින්

guhawa

නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු 3 ½ක දැරියක මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12ක පමණ මෙහෙයුමකින් අනතුරුව සොයාගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

අතුරුදහන් වී සිටියදී සොයාගෙන ඇත්තේ කරුවලගස්වැව – පහරිය පදිංචිකාරයක් වන කිරිහෙට්ටිගේ දිනිති අහිංසා (අවු 3 ½ ) නම් වූ දැරියකි.

ඊයේ 29 වැනිදා සවස 3.30 ට පමණ මෙම දැරිය එක්වරම අතුරුදහන්වී ඇත. ප්‍රදේශවාසීන් මෙන්ම කරුවලගස්වැව පොලීසියද එක්ව ඇය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතත් සවස් වන තුරුම සොයා ගැනීමට නොහැකිවී ඇත.

මේ අතර ප්‍රදේශයේ දේවාලයකට ‍ගොස් දැරිය සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමට ඇයගේ වැඩිහිටියන්ට කටයුතු කර ඇත. එම දේවාලයේ සිටි අය පවසා ඇත්තේ මේ වන විට දැරිවිය මහා වනාන්තරයේ ගල් ගුහාවක් තුළ තනිවම සිටින බවත්, එම ස්ථානයට ගොස් කාන්තාවක් කතා කළහොත් පමණක් ඇය පිටතට පැමිණෙන බවත්ය.

ඒ අනුව තබ්බෝව අභය භූමියේ සැතපුම් 10 ක් පමණ වන ඝන වනාන්තරයේ ඇති ගල් ගුහාවක් වෙත දැරිය සොයන කණ්ඩායම 30 වැනිදා අළුයම 3.30 ට පමණ ළඟා වී ඇත.

කණ්ඩායමේ සිටි කාන්තාවක් විසින් දැරියගේ නම කියා කථා කළ විට ඇය ගල් ගුහාවේ සිට පිටතට පැමිණ ඇති බව පොලීසිය කියයි.

පසුව පොලිස් නිලධාරීන් සහ දැරිය සොයා ගිය කණ්ඩායම එක්ව ගල් ගුහාව සෝදිසි කර බැලුවද වෙනත් කිසිවෙකුත් එහි සිට නැත.වෙනත් කිසිවෙකු සිටි බවට සළකුණක් හෝ තිබී නැත.

තම නිවසේ සිට සැතපුම් 25 ක් පමණ දුරකින් මහ වනාන්තරය තුළ පිහිටි ගල් ගුහාවට කෙසේ පැමිණියාද යන්න හෙළි කිරීමට දැරිය සමත්වී නොමැති බව පොලීසිය කියයි.

කිසියම් අදෘෂමාන බලෙව්ගයකින් දැරිවිය  ඇය රැඳී සිටි ගල් ගුහාව කරා යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

සොයා ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව ඇත.
කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!