Gossip

අගමැති රනිල් විශ්වාසභංගය දින්න සතුටට කියපු දේ

ඊයේ දිනයේ හැමෝම බලාසිටි විශ්වාසභංගය වැඩි ඡන්ද 46කින් පරාජයට පත්වුණා.

ඊයේ දවස පුරාම මෙම විවාදය පැවති අතර එහිදී පක්ෂ විපක්ෂ අදහස් රැසක් හුවමාරු වුණා.

කොහොමවුනත් විශ්වාසභංගය පරාජය කිරීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ස්තුති කර තිබුණේ මෙලෙසයි.

මෙම දුෂ්කර කාලසීමාවේදී මා වෙත සහය ලබාදුන් සියළු දෙනාට කෘතඥතාව පළකරමි.
විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් මා හිතවත් මන්ත්‍රීවරුන්ට මෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන්ට ද ස්තුතිය පළකිරීමට කැමැත්තෙමි. 2015 දී අප ලබාගත් ජයග්‍රහණ තිරසරව පවත්වාගෙන යාම සඳහා අප රටේ ආගමික හා වාර්ගික ප්‍රජාවන් ඒකරාශී වීම සතුටට කරුණකි.

සතුරුකම් කරමින්, අසත්‍ය ප්‍රචාර හා මිත්‍යව පතුරුවමින් සිටි පාර්ශව පරාජය කිරීමට විවිධ ආගමික වතාවත් පැවැත්වු සියළු දෙනාට සහ පසුගිය කාලසීමාවේදී සහය පළකරමින්, ආශිර්වාද ලබා දෙමින් සුබපැතුම් පළ කළ ඔබ සියළු දෙනාට කෘතඥ වෙමි.

අප මෙම ජයග්‍රාහී අවස්ථාව භාවිත කළ යුතු වන්නේ සාමය, සමගිය, සංවර්ධනය හා යුක්තිය තහවුරු කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහායි.

I am grateful to all of you who have supported me through these trying times.
Let me thank you, my fellow MPs, for voting against the no-confidence motion and for abstaining from voting. It was gratifying to see all religious and ethnic communities in our country standing together to sustain what we achieved in 2015.

Let me also thank all of you from all denominations who conducted religious ceremonies and prayed for the defeat of those who engage in enmity, fabrication and deception, and those of you who sent thousands of messages of goodwill and good wishes during the last couple of weeks.

We must use this opportunity to rejuvenate and take forward our programme of action for peace, harmony, development and justice in our country in the coming months.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!