Gossip

අගමැති කෝප වෙයි – ලැප්ටොප් නැටුමට තිත තියයි

මේ දිනවල හැමතැනම කතාවෙන්නේ ලැප්ටොප් නැටුම ගැන. ඒවගේම දුරේක්ෂ නැටුමක් ගැනත් කතාවෙනවා.

ඒ මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් සිදු කරන ලද පෙර පුහුණුවීමක් සමගයි.

ඉතින් මේ ගැන සමාජජාල මාධ්‍යයන් පුරාම දැඩි කතාබහක් ඇතිවෙලා තිබෙනවා.

ඒ නිසා හෙට නිදහස් දින උත්සවයේදී පැවැත්වෙන මේ ලැප්ටොප් නැටුමයි දුරේක්ෂ නැටුමයි බලන්න ගොඩක් කට්ටිය මගබලාගෙන හිටියා.

හැබැයි දැන්නම් ඒ බලන් හිටපු කාටවත් මේ අපූරු නර්තනය බලන්න වෙන්නේ නෑ.

මීට සුළු මොහොතකට කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, මෙම ලැප්ටොප් නැටුම සහ දුරේක්ෂ නැටුම 70 වන නිදහස් දින රැළියෙන් ඉවත් කරන්න කියලා අදාළ බලධාරීන්ට දැනුම් දීලා තියෙනවා.

අගමැතිතුමා මෙහෙම තීරණයක් අරගෙන තියෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම මේ සඳහා එල්ලවන චෝදනා හා විරුද්ධවීම සැලකිල්ලට අරගෙන ගියලා තමයි ට්විටර් පණිවිඩයකින් කියලා තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!