Gossip

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වුණු සොල්ටා එක්ක සාජ්ජ දැම්ම කිරිඳිවැල OICට වැඩ වරදී

පාතාල සාමාජිකයකු වන අංගොඩ ලොක්කාගේ කණ්ඩායමේ ක්‍රියාකාරී පුද්ගලයකු වන සොල්ටා නමැත්තා විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධව විමර්ශන සිදු නොකිරීම සහ එම සැකකරුගේ සමීපතම හිතවතකු සමඟ සිය නිල නිවසේ මත්පැන් සාදයක් පැවැත්වීම යන චෝදනා මත කිරිඳිවැල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මත්පැන් සාදය පැවැත්වූ මිතුරාගේ ඉල්ලීම මත අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ සාමාජිකයකු වන මුණිවලගේ අසිත හේමතිලක නොහොත් සොල්ටා නමැති පාතාල සාමාජිකයා විසින් සිදුකරන ලද අපරාධ හඳුනාගෙන ඉදිරි විමර්ශන සිදුනොකර මෙම පාතාල සාමාජිකයා සම්බන්ධ තොරතුරු උසස් නිලධාරීන්ටද වසන් කර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට උත්සාහ කර ඇති බවට කිරිඳිවැල පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනාවන්ය.
මෙම සොල්ටා නමැත්තා පසුගියදා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් පලායෑමේදී පොලිස් වෙඩි පහරට ලක්ව මරුමුවට පත්විය.
අපරාධකරුවකු සම්බන්ධව තොරතුරු වසන් කිරීම සහ සිය නිල නිවස තුළ මත්පැන් පානය කරමින් විනය විරෝධී කටයුතුවල යෙදීමේ චෝදනා මත කිරිඳිවැල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්. කේ. ඒ. කේ. අයි. වික‍්‍රමසිංහ මහතා මෙලෙස වැඩතහනමට ලක්කිරීමට පොලිස් මූලස්ථානය වහාම පියවරගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!