Gossip

“මම විවාහ වෙනවා පුළුවන් තරම් ඉක්‌මනට – හැමදාම ප්‍රසිද්ධ වෙලා ඉඳල වැඩක්‌ නෑ” – සුරාජ් මාපා

සුරාජ් මාපා කියන්නේ කාලයක් පුංචි තිරයේ හිටපු අහිංසක පෙම්වතා. ඒත් දැන්නම් පුංචි තිරයෙන් සුරාජ්ව නිරන්තරයෙන්ම දකින්න නොලැබුණත් නිර්මාණාත්මක චරිත ඔස්සේ ඔහුව දකින්න ලැබෙනවා. මේ ඔහු පුවත්පතක් සමග කළ සංවාදයක්.

සුරාඡ් ඇයි වැඩිය පෙනෙන්න නැත්තේ?
මේ දවස්‌වල ටෙලිනාට්‍යයක්‌ විකාශය වෙනවා. තවත් නාට්‍ය දෙකක් කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක්‌ වේලාවට එක වැඩක්‌ ඉවර කරලා තමයි තවත් වැඩක්‌ භාර ගන්නේ. මම කළ ගොඩක්‌ නාට්‍ය ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම භාර ගත්ත නිර්මාණයට සාධාරණයක්‌ කරන්න මමත් බොහොම කැපවීමෙන් මහන්සි වෙලා වැඩ කරනවා.

රඟපෑම සීමා කරලද?
නෑ. එහෙම නෑ. විශේෂම කාරණාව තමයි දැන් තියෙන බොහෝමයක්‌ ටෙලිනාට්‍යවල ප්‍රමිතිය ගැන තියෙන ගැටලුව. ඒක ප්‍රේක්‌ෂකයන් දන්නවා. ඒ තත්ත්වයත් එක්‌ක අපිට ගැළපෙන නිර්මාණයක්‌ තෝරා ගෙන වැඩ කරන එක තමයි හොඳම දේ.

සුරාඡ් දැන් නිර්මාණ භාර ගන්නේ තෝරා බේරාගෙනද?
මෙහෙමයි. මුලින්ම පිටපත බලනවා. ඊළඟට අධ්‍යක්‌ෂවරයා කවුද කියලා බලනවා. ඊට පස්‌සේ මගේ මිලට සහ කැපවීමට ඒ නිර්මාණය කොච්චර වටිනවද කියලා බලනවා. ඒ හැමදේම හිතට හරියනවා නම් විතරයි භාර ගන්නෙ.

ඉස්‌සර වගේ නිර්මාණවලට ආරාධනා නැතිද?
නිර්මාණවලට එන ආරාධනාවල නම් අඩුවක්‌ නෑ. නමුත් ආරාධනා පහක්‌ හයක්‌ ආවොත් ඒ අතර හොඳ නිර්මාණ තියෙන්නේ එකයි. වැඩිපුරම හැදෙන්නේ අසාර්ථක ටෙලිනාට්‍ය.

ඒ කාලේ නම් බලන බලන නාළිකාවේ දකින්න හිටියා. ඒත් දැන් එහෙම නෑ?
මම ක්‍ෂේත්‍රයට ආවේ අහම්බයකින් වගේ. මුල් කාලයේ මට කිව්වේ අහිංසක පෙම්වතා කියලා. ඒක වෙනස්‌ කරගන්න කාලයක්‌ ගියා. මෑතකදී තමයි එකිනෙකට වෙනස්‌ චරිත කරන්න ලැබුණේ. හැමදාම ප්‍රසිද්ධ වෙලා ඉඳල වැඩක්‌ නෑ. එතනින් එහාට ගුණාත්මක දෙයක්‌ ගැන හිතන්න ඕන. ඉදිරියේදී වෙනස්‌ම විදියේ චරිත ටිකක්‌ දැකගන්න ලැබේවි.

සුරාඡ්ගේ ඊළඟ ඉලක්‌කය හොඳම නළුවා වීමද?
ඔව්. ඇත්තටම මගේ ඊළඟ ඉලක්‌කය ටෙලිනාට්‍යවලින් හොඳම නළුවා වීම.

දැන් සිනමාවට කැමැත්තක්‌ නැතිද?
මෑතකදී අනුරුද්ධ ජයසිංහගේ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ චරිතයක්‌ කළා. ඒ වගේම සැමී පවල් කියන බෙල්ජියම් ජාතිකයකුගේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා.

නර්තන කටයුතු?
මගේ ලතින් ඇමරිකන් නර්තන ගුරුවරිය වන නයොමි රාජරත්නම් මහත්මිය ලබන අවුරුද්දේ අගෝස්‌තු මාසයේ ප්‍රසංගයක්‌ කරනවා. ඒ සඳහා මේ දවස්‌වල සාර්ථක පුහුණුවීම් කටයුතු කරනවා.

සහෝදර නිළියන් එකතු කරගෙන සුරාඡ් ප්‍රසංග මාලාවක්‌ කළා නේද?
ඔව්. ඒ ප්‍රසංග මාලාව ඉවරයි. මගේ අලුත් ප්‍රසංගය 2020 වසරේදී කරන්න සැලසුම් කරගෙන යනවා. ඒ සඳහා කලාකරුවන් කිහිප දෙනෙක්‌ එකතු කර ගන්නත් බලාපොරොත්තුවක්‌ තියෙනවා.

සුරාඡ්ට කැපිලි කෙටිලි තියෙනවද?
ක්‍ෂේත්‍රයේ අය මට ගොඩක්‌ ආදරෙයි. මම කාටවත් වැරැද්දක්‌ කරලා නැහැ. මට වැරැද්දක්‌ කළත් ඒවා ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා මට කැපිලි කෙටිලි නෑ.

ඒ වුණාට පොලු නම් තියලා තියෙනවලු?
ඔව්. එහෙම නම් වෙලා තියෙනවා. මම රඟපෑමෙන් එක්‌වුණු සමහර නිර්මාණවලට මුදල් පවා ලැබෙන්න තියෙනවා.

රියැලිටිවලට දැන් ඒ තරම් කැමැත්තක්‌ නැතිලු නේද?
ඇත්තටම නැවතත් රියෑලිටි වැඩසටහන්වල තරග වදින්න බලාපොරොත්තුවක්‌ නැහැ. මම කැමැති නෑ එකට කාලා බීලා එකට ක්‍ෂේත්‍රයේ ඉන්න අය එක්‌ක තරග වදින්න අපිටත් ඔවුන්ට ඊර්ෂ්‍යා කරන්න හිතෙනවා. ඉතින් මට හිතුන ඒක ගැළපෙන්නේ නෑ කියලා.

ළඟදීම විවාහ උත්සවයට සූදානම් වෙනවා කියන්නේ?
ඒක නම් බොරුවක්‌. මම විවාහ වෙනවා පුළුවන් තරම් ඉක්‌මනට. නමුත් හදිසියේම එහෙම කරන්නෙ නෑ. ඒ කවුද? කොහෙදිද?, කොයි කාලයේදීද? කියලා දන්නෙ නෑ…

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!