Gossip

මම ආශ්‍රය කළේම කොල්ලෝ- මම කෙල්ලෝ ආශ්‍රය කළේම නැහැ – පියුමි බොතේජු

පියුමි බෝතේජු කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිබඳව ලබන කෙනෙක්. ඒවගේම තමයි මේ දිනවල ඇයව පුංචි තිරයෙන් ගොඩක් දකින්න ලැබෙනවා. ඉතින් ඇගේ රංගන ජීවිතයේ තොරතුරු සහ ඇගේ පුද්ගලික තොරතුරු පුවත්පතක් හමුවේ කියලා තිබුණේ මේ විදියට.

මේ දවස්වල පියුමිගේ හොඳම කාලය වගෙයි…?
ඔව්නේ… මේ දවස්වල මම රඟපාන ටෙලි නාට්‍යය 05ක් විකාශනය වෙනවා. ඉතින් ටෙලි නාට්‍යය පහේම ෂූටිං එහෙමත් තියෙනවා.

වැඩියෙන්ම පියුමිව බොහෝ දෙනා හඳුනාගත්තේ කෑ ගහන, විහිළු කරන, දඟලන චරිතයක් විදිහටනේ. ඇත්ත ජීවිතෙත් ඔය වගේ දඟලන, කෑ ගහන කෙනෙක්ද…?
මට ඉතින් අයියලා තුන්දෙනෙක්. පුංචි කාලේ ඉඳන් මම ඒ තුන්දෙනත් එක්ක හැඳුනේ කොල්ලෙක් වගෙයි. සමහරදාට අම්මා පවා කියනවා අම්මට පුත්තුම හතර දෙනෙක් කියලා. ගෙදර ඉද්දීත් මම තුන්දෙනා එක්ක කෑ ගහලා දඟලලා තමයි හිටියේ. අහල පහළ අය මම ගෙදර ඉන්නකොට දන්නවා. ඒ තරමට ගෙදර ඉන්න දවස්වල මම කෑ ගහනවා. සින්දු කියනවා. දඟලනවා. මම ජීවිතේ කිසිම දෙයක් ලොකුවට හිතාගෙන ඉන්න චරිතයක් නෙමේ. ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්න දහා බලලා ලොකුවට දුක්වෙන, අඬන චරිතයකුත් නෙමේ. මම හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන කෙනෙක්.

පියුමි ඉගෙනගත්ත ඉස්කෝලවලත් ඔගේ වගේ කෑ ගහන චරිතයක් කියලයි ආරංචිය…?
ඒ කතාවනම් ඇත්ත. මම ඉස්කෝල තුනකින් ඉගෙන ගත්තා. මුලින්ම මම ඉගෙන ගත්තේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ. ඊට පස්සේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ ගෝතමී බාලිකාවෙන් ඉගෙන ගත්තා. ඉස්කෝලේ දි නම් මම හරියට කොල්ලෙක් වගේ. කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යායෙයි දෙකම මිශ්‍ර පාසලක්. ඉතින් මට වැඩිපුරම හිටියේ කොල්ලෝ යාළුවෝ තමයි. මම ආශ්‍රය කළේම කොල්ලෝ. මම කෙල්ලෝ ආශ්‍රය කළේම නැහැ. ගෝතමී විද්‍යාලයට ආවට පස්සේ තමයි මම යාළුවො විදියට කෙල්ලෝ ආශ්‍රය කළේ. පුංචි කාලේ ඉඳන්ම මම කොටටම කොණ්ඩය කැපුවා. O/L පන්තියට ආවට පස්සේ තමයි මම කොණ්ඩේ වවන්න පවා පටන් ගත්තේ.

පියුමිගේ ජීවිතේම දැන් මල් හතයි නේද…?
ඔව්… ජීවිතේ හොඳයි. සතුටුයි. මායි සුනෙතුයි සතුටින් ජීවන් වෙනවා. එයා මගේ රැකියාව තේරුම් අරගෙන ඉන්නවා. මම එයාගේ රැකියාව තේරුම් අරගෙන ඉන්නවා. සමහර වෙලාවට දෙන්නම ගොඩාක් කාර්යයබහුල වෙන වෙලාවෙල් තියෙනවා. ඒත්… කවදාවත් සුනෙත් මට “දැන් රඟපෑවා ඇති – ගෙදර නවතින්න කියලා කවදාවත් කියන්නේ නෑ. එයා මට මගේ වැඩවලට පවා උදව් කරනවා. ඉතින් අපි දෙන්නට විවේකයක් එහෙම ලැබුණාම ඔය කොහේ හරි ඇවිදින්න යනවා.

පසුගිය කාලයේ දී පියුමි හරි හරියට නැටුවනේ…. ඉස්කෝලේදීත් ඔහොම නැටුව ද…?
මෙහෙමයි… මම ඉස්කෝලේ දී ඕලෙවල්වලට කළේ නැටුම් තමයි. හැබැයි ඉස්කෝලේ දී මම නැටුම් පීරියඩ් එකේ කළේම අයිස් තමයි. මම හරිම අකමැති දෙයක් තමයි සපත්තු ගලවන එක. ඉස්කෝලෙ දී මම ඇඳුම් පැළඳුම් හරි පිළිවෙළට තියා ගන්නවා. ඉතින් මම සපත්තු ගලවන්න අකමැතියි. ඒ නිසා නැටුම් පීරියඩ් එකේ දී නැටුම්වලට මම යන්න හරි කම්මැලියි.

පියුමි… මේ ඔයාගේ ජීවිතේ හොඳම කාලයයි… කවුරු හරි එහෙම කිව්වොත්…?
ම්… මාත් ඒක හිතනවා… මම මේ දවස්වල වෙනස්ම චරිත කීපයක් කරනවා. ඒවා එකිනෙකට වෙනස් චරිත. ඉතින් මේ හැම නිර්මාණයක්ම එකිනෙක වෙනස්. ඉතින් සතුටුයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!