Gossip

ලිංගික ශ්‍රමිකයෝ හඬ අවදිකරයි (වීඩියෝ)

sex workers

ණිකා වෘත්තිය නීතිගත කරන ලෙසත් එම වෘත්තියේ යෙදෙන්නන්ට බාධාවකින් තොරව ජීවනෝපායේ නියැලීමට අවශ්‍ය නීති සකස්කරන ලෙසත්  ලිංගික ශ්‍රමිකයින් පිරිසක්  ඉල්ලා සිටියි.

 

ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කරමින් ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය     විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවේදී  අදහස් දැක්වූ එම සංවිධානයේ සම සභාපතිනී බාලචන්ද්‍රන් මහේෂ්වරී මහත්මිය ප්‍රකාශ කර සිටියේ සමස්ත සමාජය විසින් තමන් වැනි ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ප්‍රතික්ෂේප කරනවා මිස කාන්තාවක  ලිංගික වෘත්තීයේ යෙදෙන්නේ ඇයිදැයි සමාජය විසින් නොඅසන ගැටළුවක් බවයි.

එමෙන්ම පොලිස් නිලධාරීන් විසින් ද තම වෘත්තියේ යෙදෙන්නියන් පරිහරණය කර  ඉන් පසු උසාවියට ඉදිරිපත් කරන බවට ද එහිදී ඇය චෝදනා කළා ය.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටි සකුණි මායාදුන්න නමින් පෙනිසිටි සංක්‍රන්තික ලිංගික (Transgender) කාන්තාවක පැවසූවේ තමන් වැන්නවුන්ට එදිනෙදා කටයුතුවල දී අනන්‍යතාව තහවුරු කරගැනීමේ ගැටළු පවතින බව යි.

තමන්ට මේ වන විට සමාජය තුළින් විශාල අර්බුද රාශියකට මුහුණ පා ඇති බවත්, එය තමාට   මානසික බලපාන බවත් ඇය එහිදී කියා සිටියාය.

කෙසේ වෙතත් තමන් ඇතුළු  ලිංගික ශ්‍රමිකයින් මුහුණ පාන ගැටලු වලට විසඳුමක් ලබාදෙන ලෙස තමන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!