Gossip

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ත්‍රස්ත ප්‍රහාරයක් – වෙඩි තියන විදිය සජීවීව වීඩියෝ කරලා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් උදෑසන යාඥා කටයුතු සඳහා රැඳී සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නගරයේ අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීමක් සිදුවුණා.

මේ අතර එම නගරයේම තවත් මුස්ලිම් දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව ඇති බලධාරීන් ඊට ද ප්‍රතිචාර දක්වමින් පොලිස් කණ්ඩායමක් පිටත් කර හැර ඇති බව වාර්තා වනවා.

මෙලෙස සිදුවූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා

සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීම වාර්තා වීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඔවුන් ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට අනතුරු අඟවා තිබෙනවා.

ප්‍රදේශයේ සියලුම පාසල් සහ රෝහලද වසා දමා ඇති බව ද වාර්තා වන අතර අදාළ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද අදාළ දේවස්ථානයේ සිට ඇති බවට තොරතුරු වාර්තා වුණා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට දිව ගොස් දිවිබේරා ගැනිමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔවුන්ට මෙම වෙඩි තැබීමෙන් හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර අදාළ වෙඩික්කරු විසින්ම එම වෙඩි තැබීම රූගත කිරීමට කටයුතු කර ඇති බවට අනුමාන කරන බව එරට මුලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!