Gossip

ලබන ඉරිදා පාන්දර ග්‍රහ යුද්ධයක් – කාන්තාවන් ගැන හොඳ හොඳ කතා අසන්නට ලැබෙයි

1

 

සෑම අංශයකින් ම පරෙස්සම් විය යුතු කාලයකි. කෙටි කාලීන පරාජයන් මාලාවකට මුහුණ දීමට සිදුවේ. මෙතෙක් නොසිටි සතුරන් සහ රෝගාබාධ මතුව එයි. එහෙත් තැන්පත් ධනය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු විභාග යනාදිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබේ. දූ දරුවන් පිළිබඳව සතුටුදායක ආරංචි ලැබෙන කාලයකි. තත්කාල කේන්දරයේ 7 වැන්නේ ජන්ම ඒරාෂ්ටකය පවතින මොහොතක සිදු වූ ග්‍රහ යුද්ධයක් නිසා ඔබ සහ කලත්‍රයා යන දෙදෙනා ම හදිසි අනතුරු පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.

මිථුන

ජයග්‍රහණ හිමිවන කාලයකි. සිතේ සතුට ඔප් නැංවෙන අතර මානසික තත්ත්වය යහපත් වේ. ගෘහ ජීවිතයේ කැපී පෙනෙන වෙනසක් වඩා හොඳ ආකාරයකට වර්ධනය වේ. ආත්ම ශක්තිය සහ සමාජමය ප්‍රතිරූපය ඉහළ නැංවෙන අවස්ථා උදා කෙරේ. සෑම අංශයකින් ම පාහේ උසස් ජයග්‍රහණ ලැබෙන අතර ප්‍රතිවාදීන් ඉතා පහසුවෙන් පරාජය කළ හැකි වේ. විදේශ ගමන් සඳහා සුදුසු කාලයක් නොවන අතර දූ දරුවන් නිසා සිත් තැවුල් මතුවිය හැකිය. විභාග සහ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින්නේ නම් කෙටි කාලීන පසුබැස්මක් පෙන්නුම් කරයි.

කටක

ඉඩ කඩම් ගේ දොර සහ යාන වාහන සම්බන්ධයෙන් හානිකර තත්ත්වයක් උද්ගත විය හැකිය. එවැනි දේ විකිණීම හෝ මිලට ගැනීම හෝ නො කළ යුතු කාලයකි. ගෘහ ජීවිතයේ ගැටලු මතුවිය හැකිය. සිතේ අසහනයට තුඩු දෙන සිදුවීම්වලට පැටලෙයි. අය මාර්ග අවහිර විය හැකි අතර අලුත් ආයෝජන සඳහා නුසුදුසු කාලයකි. ණයට දීම ඉතා අනතුරුදායක ය. එහෙත් ලිපි ලේඛන සහ කෙටි ගමන් බිමන් ආදියෙන් වාසි ලැබේ. කොයි හැටියෙන් නමුත් අනවශ්‍ය ලෙස ධන හානියක් පෙන්නුම් කරන හෙයින් ඉතා විමසිල්ලෙන් සිටිය යුතු කාලයකි.

සිංහ

ඉතා සුබදායී කාලයකි. තැන්පත් ධනය සහ අය මාර්ග නොසිතූ ලෙස වැඩි වර්ධනය වේ. පෙරදාට වඩා වචනයේ බලය පැතිරෙයි. බැංකු ණය සහ නව ආයෝජන සඳහා හිතකර වාතාවරණයක් උදාවේ. එහෙත් රැකියාව සහ රැකියා ස්ථානයේ කෙටිකාලීන වෙනසක් හෝ පසුබෑමක් පෙන්වයි. ලිපි ලේඛන සහ කෙටි ගමන් බිමන් ආදියෙන් පාඩු විය හැකිය. ගිවිසුම් සහ ලියවිලි ආදියට අස්සන් කිරීමේදී පරෙස්සම් වීම මැනවි. ගමන් බිමන්වලදී හමුවන සහ සේවා ස්ථානයේ සිටින කාන්තා පාර්ශ්වයෙන් තදබල පීඩාවන් ඇතිවීමේ අවදානමක් පෙන්නුම් කරයි. කීර්තිනාම හානියකට ඉඩ ඇත.

කන්‍යා

සැමතින් ම බලය පැතිරෙන කාලයකි. රැකියාවේ කැපී පෙනෙන දියුණුවකට අවස්ථාව උදා වේ. මෙතෙක් පමා වූ තනතුරු සහ උසස්වීම් නිරායාසයෙන් හිමිවේ. ආත්ම ශක්තිය සහ ගෞරවය බලවත් කෙරේ. සතුරන් සී සී කඩ විසිර යයි. එහෙත් ඔබේ මුවින් නික්මෙන වචන නිසා අනවශ්‍ය කරදර ඇතිවිය හැකි හෙයින් තැන නො තැන නො බලා කතා කිරීමෙන් වැළකීම මැනවි. ආගමික අංශ සහ විදේශගතව සිටින අයගෙන් දැඩි පීඩාවන් මතුවිය හැකිය. විදේශ හෝ දුර ගමන් සඳහා අයෝග්‍ය කාලයකි.

තුලා

සෑම අංශයකින් ම පරෙස්සම් විය යුතු අවස්ථාවකි. විවාහක හෝ අවිවාහක කාන්තාවන් නිසා බරපතළ අසහනකාරී තත්ත්වයක් උද්ගත විය හැකිය. තම ජීවිතයට ඉතා සමීප කාන්තාවක් පිළිබඳව දුක්මුසු පුවතක් අසන්නට ලැබේ. වැඩ කටයුතු අවුල්වීම සහ ආත්ම ශක්තිය හීනවන කාලයකි. සිතේ හා ගතේ නොරිස්සුම ඉහළ යයි. එහෙත් ආගමික අංශ සහ විදේශගත වූවන් ගෙන් අනපේක්ෂිත උපකාර හිමිවේ. ඉතා ඉවසීමෙන් පසු කැර යා යුතු කඩ ඉමකි. බුරාගෙන එන උමතු සුනඛයකු හෝ මඩ තවරා ගත් ඌරකු සමඟ හැප්පීමෙන් ඔබට කිසිදු වටිනාකමක් හිමි නොවන අතර සිදුවන්නේ එයින් ඔබ ද ඌරකු බවට පත්වීම පමණකි.

වෘශ්චික

විවාහ ජීවිතය හවුල් සමාගම් සහ සමාජ ඇසුරේදී නැති කරදර මතුව එයි. ප්‍රියයන් හැර යන කාලයකි. හවුල් කටයුතු අවුල් වේ. අනවශ්‍ය වියදම් අධික වන අතර යුග දිවියේ සතුට හීන කෙරේ. 7 වැන්න පිඩාවට පත්ව සිටියදී සිදු වූ ග්‍රහ යුද්ධයක් නිසා ඔබ මෙන් ම කලත්‍රයා ද පරෙස්සම් විය යුතු අවස්ථාවකි. අහිමි වීම් ආරම්භවන කාලයක් වන හෙයින් දූරදර්ශී විය යුතු ය. කාන්තාවන් නිසා ඔබට දැඩි පීඩාවන් මතුව එයි. එහෙත් අය මාර්ග වර්ධනය වේ. අනපේක්ෂිතව ධන ලාබ හිමිවේ. නිධන්ගත හෝ ආගන්තුක රෝග මතුව එන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් ය.

ධනු

අය මාර්ග අවහිර වේ. ස්ත්‍රී පාර්ශ්වයෙන් රහස් සතුරු බලවේග හිස ඔසවයි. උදරය උගුර සම ආශ්‍රිත රෝග සහ අසාත්මිකතාවන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ නඟී. එහෙත් හවුල් කටයුතු විවාහ ජීවිතය සහ සමාජ සම්බන්ධතා අතින් විශාල ප්‍රගතියක් ලබයි. රැකියාවේ සැලකිය යුතු වෙනසක් හට ගනී. බාධක මැඩ කටයුතු කිරීමේ හැකියාව ඔප් නැංවේ. සමාජයේ ගෞරවය දිනා ගන්නා අතර ප්‍රධානීන්ගේ විශ්වාසයට සහ පැසසුමට ලක්වේ. නව ආයෝජන සහ මිලදී ගැනීම් යනාදිය නො කළ යුතු කාලයකි.

මකර

වාසනාව ගිලිහී යන අවස්ථාවකි. නොසිතු විරූ ලෙස බලාපොරොත්තු කඩ වී යන්නේ කාන්තා පාර්ශ්වය ඔබට එරෙහිව නැගී සිටින නිසා ය. දෛනික කටයුතු අඩාල වේ. සිහි නුවණින් ක්‍රියා නො කළහොත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ. දූ දරුවන් හේතු කොට ගෙන නොරිස්සුමට පත්වන අතර උසස් සහ ගරු කටයුතු පුද්ගලයන්ගේ දෝෂාරෝපණයට ලක්විය හැකිය. රැකියාවේ වෙනසක් හෝ තත්ත්වයෙන් පහත වැටීමට සිදුවීමට හෝ ඉඩ තිබෙන හෙයින් සැලකිලිමත් වන්න. විදේශගත වීමට උත්සාහ කෙළේ නම් ඒ අරමුණ සඵල වේ.

කුම්භ

සිතේ සහ ගෘහ ජිවිතයේ කනස්සලු ස්වභාවයක් පැතිර යයි. සතුට සහ සහනය හීන කරවන සිදුවීම් හට ගනී. යාන වාහන ඉඩ කඩම් ගේ දොර ආශ්‍රිත අනවශ්‍ය කරදර හට ගනී. ඒවා මිලට ගැනීම හෝ විකිණීම නො කළ යුතු කාලයකි. උසස් පුද්ගලයන් විදේශගත වූවන් සහ ආගමික අංශ වෙතින් පීඩාවන් එල්ල විය හැකිය. එහෙත් විභාග සහ අධ්‍යාපන කටයුතුවල දී විශිෂ්ට ජයග්‍රහණ හිමි වේ. අනපේක්ෂිතව වස්තු සම්පත් හිමි වේ. තම කලත්‍රයාගේ හෝ තම පරම්පරාවේ හෝ දේපළ භුක්ති විඳීමට ලැබෙන කාලයකි. නඩු හබ යනාදියෙන් ජය ලබයි.

මීන

කෙටි ගමන් ලිපි ලේඛන සහ සහෝදරයන් නිසා අනවශ්‍ය කරදර හට ගනී. කාන්තා පාර්ශ්වය සමඟ ඇති කැර ගන්නා සබඳතාවන් නිසා අනපේක්ෂිත අපවාදයන්ට ගොදුරු වීමට ඉඩ තිබේ. නො පෙනෙන බලවේග නිසා ද කායික සහ මානසික පීඩා හට ගැනීමට අවදානමක් පවතී. එහෙත් ගෘහ ජීවිතයේ වෙනදාට වඩා ප්‍රබෝධමත් සහ සහනශීලී වාතාවරණයක් නිර්මාණය වේ. ඉඩ කඩම් යාන වාහන යනාදිය මිලට ගැනීමට යෝග්‍ය කාලයකි. සමාජ සබඳතා හවුල් ව්‍යාපාර ආදියේදී ලාබ හිමි වේ. විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වන කාලයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!