Gossip

අපුරේ සමාජශලාවට පැනලා තියෙන්නේ නින්ජා කණ්ඩායමක් – CCTV දර්ශන බලන්න

cvr

අනුරාධපුර සමාජ ශාලාවකදී සිදුවූ පහරදීමකින්  එහි කළමනාකරු බව පැවසෙන වසන්ත ඇලෙක්සැන්ඩර් වික්‍රමද සොයිසා  මියගොස් තිබුණි.

පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම පහරදීමට සම්බන්ධ බව එම සමාජශාලාවේ රහස් කැමරා පරිශීලනය කළ පසු පොලිසිය කියයි.

මෙම පුද්ගලයාට අයත් බව කියන එම රාත්‍රී සමාජ ශාලාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක් බවද පැවසෙන අතර එම රාත්‍රී සමාජ ශාලාවට අදාළව අධිකරණයේ නඩු විභාගවෙමින් තිබෙනවා.

අනුරාධපුර, මුදිතා මාවතේ පිහිටි එම රාත්‍රී සමාජ ශාලාවට ඊයේ රාත්‍රී 11.15ට පමණ ඇතුළු වූ 20 දෙනෙකු පමණ අදාළ පුද්ගලයාට පහරදී ඇති අතර කැපුම් තුවාල ලැබූ කළමනාකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

සේවකයින් තිදෙනෙකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

මියගිය පුද්ගලයා රූපවාහිනි රියැලිටි වැඩසටහනකදී ගිනස් වාර්තාවකට හිමිකම් කීමට සමත් වූ අයෙක් බවද පැවසෙයි

කෙසේ වෙතත් අදාළ පහරදෙන ලද මෙහොතේ රහස් කැමරා වල පටිගත වු දර්ශන මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇති අතර එම පහරදීම සඳහා පැමිණි පිරිස මුහුණු ආවරණය කරගෙන එකම ආකාරයට  පැමිණ ඇති බවට එහි පෙන්නුම් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!