Gossip

සුජීවා එක්ක පවුල්කන අජිත්ට ළමයි 2ක් ඉන්නවලු

ajith-muthu

ජනප්‍රිය ගායක අජිත් මුතුකුමාරණ සහ ගායිකා කේ සුජීවා අතර ගොඩනැගී ඇති අලුත් පවුල් ජීවිතය ගැන පසුගිය දිනවල මාධ්‍යයෙන් හෙළි වීමත් අජිත්ගේ නීත්‍යානුකූල බිරිඳ විසින් පැවසූ කතාවක් අන්තර්ජාලය පුරා සැරිසරමින් පවතිනවා.

කේ. සුජීවා පෙර විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී එම දරුවාද සමග අජිත් සමග එක්වූ බව ප‍්‍රසිද්ධියේ පවසා තිබුණ නමුත් අජිත් මේ දක්වා තනිකඩව සිටි ආකාරයට පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී පිළිතුරු දී තිබුණි.

ඒ අනුව තමා අජිත්ගේ විවාහක බිරිය බවත් අජිත් හා තමාට දරු දෙදෙනෙකුද සිටින බවත් අජිත් සුජීවා සමග එක්වූයේ තමාගෙන් නීතියෙන් වෙන් නොවී බවද කියමින් කාන්තාවක යූ ටියුබ් වෙත හඬ පටයක් හා ඡායාරූප එක්කර තිබෙනවා.

‘අජිත් මුතුකුමාරණගේ නීත්‍යානුකූල බිරිඳ විසින් පැවසූ දුක්බර කතාව’ යනුවෙන් නම් කර තිබෙන එම වීඩියෝවේදී ඇයගේ නම ටි‍්‍රවෝලා ටි‍්‍රලීෂියා බව කියන අතර අජිත් සමග අවුරුදු 20 ක පවුල් ජීවිතයක් ගතකළ බව ඇය කියා සිටී.

අවුරුදු 16 ක හා 9 ක දියණියන් දෙදෙනෙකුද ඔවුන්ට සිටින බව ඇය කියා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!