Gossip

හැමෝගෙම අවධානය දිනාගත්ත පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට – රටවල් දෙකේම ජනාධිපතිවරු වැස්සේම ජය සමරති

21 වන පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ප්‍රංශයට ඊයේ හැකියාව ලැබුණා.

ඒ ක්‍රොඒෂියානු කණ්ඩායම ගෝල 4ට 2ක් ලෙස පරාජයට පත් කරමින්.

ප්‍රංශය මෙවර ලෝක කුසලානය දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර ඒ වසර විස්සකට පසුව වීමද විශේෂත්වයක්.

තරඟයේ 18 විනාඩියේදී ප‍්‍රංශය නිදහස් පහරකින් පළමු ගෝලය වාර්තා කළේ ග‍්‍රීස්මන් විසින් සාර්ථකව දැල වෙත පිරිනමන ලද පන්දුවක් ක්‍රොඒෂියාවේ මාරියෝ මන්සුකිච්ගේ හිසේ වැදී දැළ වෙත යොමුවීම හේතුවෙන්.

කෙසේ වෙතත් 28 වැනි මිනිත්තුවේදී ක්‍රෝඑෂියාවේ අයිවන් පෙරිසිච් ලබාගත් විශිෂ්ඨ ගෝලය හමුවේ ගෝල 1 ට 1ක් ලෙස තරගය යළි සම කරන්නට ක්‍රොඒෂියාව සමත් වුණා.

තරඟයේ පළමු අර්ධය නිමාවන විට ප‍්‍රංශය ගෝල 2ට එකක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණේ ප‍්‍රංශයේ ග‍්‍රීස්මන් විසින් දඩුවම් පහරක් සාර්ථක කර ගැනීම හේතුවෙන්.

අනතුරුව තරඟයේ දෙවන අර්ධයේ 59 වැනි විනාඩියේදී ප‍්‍රංශ ක්‍රීඩක පෝල් ප්‍රොග්බා ගෝලයක් ලබාගත් අතර, ක්‍රොඒෂියානු දැල් රකින්නාගේ දුර්වලතාවයෙන් ප‍්‍රයෝජන ගත් ප‍්‍රංශ ක‍්‍රීඩක 19 හැවිරිදි කිලියන් එම්පෙපේ 65 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළේ ගෝල 4 ට 1ක් ලෙස ප‍්‍රංශය පෙරමුණේ තබමින්.

ඒ අනුව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟයකදි ගෝලයක් වාර්තා කල ලාබාලතම දෙවැනි ක්‍රීඩකයා ලෙස ප‍්‍රංශයේ කිලියන් එම්පෙපේ ඉතිහාසයට එක්වුණා.

බ‍්‍රසීලයේ ලෝක ශූර පේලේ තවමත් මෙම වාර්තාවට හිමිකම් කියනවා.

මෙවර තරඟාවලියේ රන් සපත්තුවට හිමි සම්මානය එංගලන්තයේ හැරිකේන් දිනාගත් අතර රන් අත්වැසුමට හිමි සම්මානය බෙල්ජියමේ තිබොට් කෝටියස් දිනාගත්තා.

එමෙන්ම රන් පාපන්දුව මෙවර දිනාගැනීමට ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් සමත් වුණා.

නැගීඑන ලාබාලතම කිීඩකයා සම්මානය ප‍්‍රංශයේ 19 හැවිරිදි කිලියන් එම්පෙපේ හිමිවු අතර වඩාත්ම විනය ගරුක කණ්ඩායමට හිමි සම්මානය දිනාගත්තේ ස්පාඤ්ඤයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!