Gossip

රොනී ලීච්ගේ දේහය ලංකාවට

පසුගියදා අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය ඔස්ට්‍රේලියාවේ සිට අද (10) දිවයිනට රැගෙන ආවා.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට (10) ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත රැගෙන ආ ඒ මහතාගේ දේහය කොළඹ බෞද්ධාලෝක මාවතේ අංක 483 දරණ ස්ථානයේ පිහිටි ජයරත්න මල් ශාලාව වෙත රැගෙන ගොස් තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අද පස්වරු 6.00 සිට හෙට දහවල් 2.00 දක්වා එම ස්ථානයේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු හෙට පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුරදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!